ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නවසීලන්තය: එමිරේට්ස් ගුවන් යානයක් අසල අකුණු සැරයක් පුපුරා යයි
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථයේ නවතා තිබූ ගුවන් යානයක් අසල අකුණු සැරයක් පුපුරා ගිය අවස්ථාවක් එය ඇසින් දුටු අයෙකු විසින් ඡායාරූපයට නැගීමට සමත්වී තිබේ.
Airbus A380 වර්ගයේ ගුවන් යානයක් අසල බදාදා (නොවැ: 20) නවසීලන්ත වේලාවෙන් පස්වරු 3.30ට පමණ සිදුවූ එම සිද්ධිය දැක තිබුණේ, අසල නවතා තිබූ හෙලිකොප්ටර් යානයක නියමුවෙකි.
"එමිරේට්ස් ගුවන් යානය කුණාටුව අවසන් වන තෙක් බලා සිටියා," එමිරේට්ස් ගුවන් යානය ෆෙස්බුක් පණිවුඩයකින් දන්වා තිබිණි.
නවසීලන්තයේ MetService ආයතනය ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශය ආශ්‍රිතව අකුණු සැර ඇති වීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබිණි.
ක්‍රයිස්ට්චර්ච් නගර සභාව වාර්තා කළේ, කැන්ටබරි ප්‍රදේශය ආශ්‍රිතව දැඩි කුණාටු සහිත කාලගුණයක් පැවති බවය.
නවසීලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඇන්ඩෲ ෆලූන් ටිමාරුහි පිහිටි සිය කාර්යාලය පිටත හිම කැට වටෙන අයුරු රූගත කර තිබිණි.
MetService ආයතනය නිකුත් කළ ටිව්ටර් පණිවුඩයක දැක්වුණේ, පැය දෙකක කාලයක් තුළ විදුලි කෙටීම් 700ක් පමණ නිරීක්ෂණය කළ බවය.
මේ වන විට කාලගුණික අනතුරු ඇගවීම් ඉවත් කර තිබේ.