ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"සෙක්ස් කළොත්" ඉහළ සාමාර්ථ
කථිකාචාර්යවරුන් විසින් සිදු කරනු ලබන ලිංගික හිංසා පිළිබඳ චෝදනාවලට බටහිර අප්‍රිකාවේ උසස් අධ්‍යාපන ආයතන මුහුණ දී තිබේ. මෙවැනි අපයෝජන වසංගත මට්ටමෙන් පැතිර ඇතැයි පැවසෙන නමුත් කිසි දිනෙක සනාථ වී නොතිබිණි.
සාක්ෂි විශාල ප්‍රමාණයක් එක්රැස් කිරීමෙන් අනතුරුව 'BBC Africa Eye' කණ්ඩායමේ මාධ්‍යවේදිනියෝ 'ලේගොස්' සහ 'ඝානා' යන විශ්වවිද්‍යාල වෙත ගොස් සිසුවියන් සේ පෙනී සිටියහ.
ඉහත කී උසස් අධ්‍යාපන ආයතනවල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් රහසිගත ලෙස සැකසූ කුඩා කැමරා පැළඳ සිටි මාධ්‍යවේදිනියන් ලිංගිකව හිංසාවට ලක් කරන ලද අතර ඔවුහු අයුතු යෝජනාවලට සහ දැඩි පීඩාවලට ලක් වූහ.
ලිංගික හිංසා කෙතරම් පීඩාකාරී දැයි අත්දැකීමෙන් දන්නා වර්තාකාරිනී කිකී මෝඩි, කලාපයේ ඉහළ නමක් දිනා ගත් ඇතැම් විශ්වවිද්‍යාල තුළ සිදුවන හිංසා පිළිබඳ හෙළි කරයි.
ඉහළ සාමාර්ථ ලබා දීම සඳහා ලිංගිකව හිංසාවට ලක් කිරීම පිළිබඳ අපගේ විමර්ශනය ඔබට දැනුනේ කෙසේද? ඔබටත් එවැනි හිංසාකාරී අත්දැකීම් ඇත්නම් බීබීසී සිංහල වෙත පෞද්ගලික පණිවුඩයකින් දැනුම් දිය හැක. පෞද්ගලික පණිවුඩ සඳහා මෙතනට පිවිසෙන්න