මෙක්සිකෝ: පොරොන්දු කඩ කළ නගරාධිපතිවරයෙකු රියක ගැටගසා වීථි දිගේ ඇදගෙන යයි

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/@TINTA_FRESCA
සිය නගරාධිපතිවරයා කාර්යාලයෙන් පිටතට ගෙනැවිත් ට්‍රක් රියක ගැටගසා මාර්ගයක් ඔස්සේ ඇදගෙන ගිය දකුණු මෙක්සිකෝවේ ගම්වැසියන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය මැදිහත්ව බේරාගන්නා ලද ජෝර්ජ් ලුයී එස්කැන්ඩොන් හර්නැන්ඩස් (Jorge Luis Escandón Hernández) නම් වූ එම නගරාධිපතිවරයාට බලපතල තුවාල සිදුවී නැත.
ප්‍රදේශයේ මාර්ගයක් පිළිසකර කිරීමට දුන් මැතිවරණ පොරොන්දුව ඉටුකරන ලෙස බල කරමින් ගොවීන් විසින් ඔහුට එල්ල කරන ලද දෙවැනි ප්‍රහාරය මෙය වේ.
මේ සිද්ධිය වාර්තා වූ මෙක්සිකෝවේ චියාපාස් (Chiapas) ප්‍රාන්තයේ ගම්මානය වෙතට අතිරේක ආරක්ෂක නිලධාරීන් යොමු කෙරිණි.

සිය අපරාධ වැඩපිළිවෙලට සහයදීම ප්‍රතික්ෂේප කරන නගරාධිපතිවරුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් මත්ද්‍රව්‍ය කල්ලිවල ඉලක්ක බවට පත්වීම නිතර අසන්නට ලැබුණද තමන්ගේ මැතිවරණ පොරොන්දුවලට අදාළව එවැන්නන් ප්‍රහාරවලට ලක්වීමේ අවස්ථා එතරම් සුලබ නොවේ.
තමන් පැහැරගැනීම හා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන බව ප්‍රහාරයට ලක්වූ නගරාධිපති එස්කැන්ඩොන් ප්‍රකාශ කළේය.
නගරාධිපතිවරයා ඔහුගේ කාර්යාල ගොඩනැගිල්ලෙන් එළියට ඇදගෙන ආ පිරිසක් ඔහු රථයක් පසුපසට බලහත්කාරයෙන් ගෙන යන අයුරු එම කාර්යාලයෙන් පිටත මාර්ගයේ රැඳී සිටි පුද්ගලයින් විසින් වීඩියෝගත කරනු ලැබ තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
පසුව ලබාගත් සීසීටීවී දර්ශනවලින් දැක්වුණේ, නගරාධිපතිවරයාගේ දෑත කඹයකින් ගැටගසන ලදුව ට්‍රක් රියකින් සැන්ටා රීටා හි මාවත් දිගේ ඇදගෙන යන අයුරු ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
නාගරික පොලිසිය විසින් ට්‍රක් රිය නවතා නගරාධිපතිවරයා බේරාගනු ලැබිණි. නගරාධිපතිවරයා පැහැරගත් පිරිස හා පොලිසිය අතර ගැටුමේදී කිහිපදෙනෙකු තුවාල ලැබූහ.
මීට මාස හතරකට පෙර, නගරාධිපතිවරයා සොයා පැමිණි පිරිසකට ඔහු මුණ ගැසීමට නොහැකි වූ බැවින් කාර්යාලයට පහර දී තිබිණි.
ලස් මාගරිටාස් හි නගරාධිපතිවරණයට ලංවද්දී, ප්‍රතිවාදී අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් සමග හටගත් ගැටුමකට සම්බන්ධවීම හේතුවෙන් එස්කැන්ඩොන් අත්අඩංගුවට ද පත් විය.
සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුව ඔහු නිදහස් කෙරිණ.








