ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාශ්මීරයේ වෙඩි තැබීමක් සිදු වූ බව ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
සිකුරාදා (අගෝස්තු 09) පැවති මුස්ලිම් යාඥාවලින් පසු දහස් ගණනක පිරිසක් ඉන්දීය පාලිත කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයේ විරෝධතාවක නිරත වූහ.
විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය වෙඩි ප්‍රහාර සහ කඳුළු ගෑස් යොදා ගන්නා ආකාරය බීබීසීයට දැකගත හැකි විය.
නමුත්, මෙවැනි විරෝධතාවක් නොපැවතුණු බව ඉන්දියානු රජය ප්‍රකාශ කර සිටී.
කාශ්මීරයට විශේෂ බලතල ලැබෙන ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වෙනි වගනිතිය ඉන් ඉවත් කිරීමත් සමග පනවන ලද ඇඳිරි නීතියෙන් පසු විශාල පිරිසක් ඒකරාශී වූ පළමු අවස්ථාව මෙයයි.
කාශ්මීර අර්බුදය ගැන කියවන්න: