කිම් ජොන් අන්: තවත් මිසයිල දෙකක් අත්හදා බලයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
උතුරු කොරියාව ඔවුන්ගේ භූමියේ 'වොන්සාන්' (Wonsan ) කලාපයෙන් බදාදා (ජූලි 31) උදෑසන කෙටිදුර විහිදුම් බැලිස්ටික් මිසයිල දෙකක් එරට නැගෙනහිර මුහුදට ඉහළින් එල්ල කරනු ලැබ ඇතැයි දකුණු කොරියානු හමුදාව පවසයි.
මෙය සතියක කාලයක් ඇතුළත උතුරු කොරියාවෙන් වාර්තා වූ දෙවැනි මිසයිල අනතුරු ඇඟවීම වේ.
පසුගිය සතියේ එල්ල කෙරුණු මිසයිලය උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජූනි මාසයේ හමුවීමෙන් පසු වාර්තා වූ පළමු උතුරු කොරියානු මිසයිල අනතුරු ඇඟවීම විය.
ඇමෙරිකාවත් සමඟ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන යුද සරඹ සම්බන්ධයෙන් 'සෝල්' පාලනයට "බරපතල අනතුරු ඇඟවීමක්" හැටියට එම පළමු මිසයිල පාවිච්චි කරන ලද බව ප්යොංයැං පාලනය කියා සිටියේය.
දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය වාර්ෂිකව පවත්වන යුද සරඹ සම්බන්ධයෙන් කල්තබාම සිය කෝපය පළකළ 'ප්යොංයැං' පාලනය එම ඒකාබද්ධ යුද සරඹ විග්‍රහ කර තිබුණේ "යුද්ධයකට සූදානම් වීමක්" ලෙසය.
බදාදා ප්‍රහාරය
'වොන්සාන්' වරාය අසල 'කල්මා'(Kalma) ප්‍රදේශයෙන් බදාදා (ජූලි 31) උදෑසන උතුරු කොරියානු වේලාවෙන් 05:27 ට එල්ල කරන ලද මිසයිල් දෙක කිලෝමීටර් 250 ක දුරක් ගමන් කර ඇත.

කිලෝ මීටර් තිහක් ඉහළ නැගි එම මිසයිල දෙක ජපන් මුහුදට (නැගෙනහිර මුහුද) පතිත වූ බව දකුණු කොරියාවේ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීහු (JCS) පවසති.
එම මිසයිල උතුරු කොරියාව විසින් කලින් භාවිත කරන ලද මාදිලිවලට වඩා වෙනස් වුවක් ලෙස හඳුනා ගනු ලැබ ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක ඇමති ජියොං කියොං-ඩූ (Jeong Kyeong-doo) පැවසීය..
එම මිසයිල මගින් සිය ආරක්ෂක කටයුතු කෙරෙහි කිසිදු බලපෑමක් සිදුව නැති බව ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ (Shinzo Abe) සඳහන් කර ඇත.
බදාදා මිසයිල එල්ලකිරීමට දවස් හයකට පෙර උතුරු කොරියාව විසින් එල්ල කරන ලද කෙටිදුර විහිදුම් මිසයිල දෙකෙන් එකක් කිලෝමීටර් 690 ක්ද,දෙවැන්න කිලෝමීටර් 430 ක්ද දුර ගමන් කොට තිබුණි.
එම මිසයිල පාවිච්චි කරනු ලැබීමට පෙර කොරියානු රාජ්‍ය දෙක අතර පිහිටි යුද මුක්ත කලාපයේ දී ජූනි මාසයේ සිදු වූ හදිසි හමුවේදී න්‍යෂ්ටික නිරවිකරණ සාකච්ඡා යලි ආරම්භ කිරීමට ජනාධිපති ට්‍රම්ප් සහ කිම් ජොන් අන් එකඟවූහ.
දැන් සිදු වෙන්නේ කුමක්ද?
උතුරු කොරියාව සහ ඇමෙරිකාව වාර්ෂිකව සංවිධානය කරන ඒකාබද්ධ යුද සරඹවලට 'ප්යොංයැං' පාලනය පසුගියදා යළිත් ඔවුන්ගේ විරෝධය පළ කරනු ලැබ තිබුණි.
එහෙත් එම යුද සරඹ අවලංගු කිරීමක් 'සෝල්' සහ 'වොෂින්ටන්' බලධාරීන් විසින් බැහැර කරනු ලැබ ඇතත් එහි පරිමාව සීමා කිරීමට පියවර ගෙන ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කෙසේවුවද, උතුරු කොරියාව තවත් මිසයිල එල්ල කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව එක් විශ්ලේෂකයෙක් සඳහන් කළේය.
"දකුණු කොරියානු සහ ඇමෙරිකානු ඒකාබද්ධ යුද සරඹය ලබන අගෝස්තු මාසය මුලදී ආරම්භ කරනු ලැබීමට පෙර ඒ සම්බන්ධයෙන් කෝපය පළ කිරීමක් හැටියට 'ප්යොංයැං' පාලනය ඉදිරි දවස්වල තවත් මිසයිල එල්ල කිරීමට ඉඩකඩ තියෙනවා" වොෂිංටනය මූලස්ථානය කරගත් බුද්ධි මණ්ඩලයක් වන 'ජාතික අභිලාෂයන් සඳහා වන මධ්‍යස්ථානයේ' හැරී කෂියනිස් (Harry Kazianis) පවසයි.
"මෙය; ඒකාබද්ධ යුද සරඹ නතර කරන්න;එසේ නොකළොත් අපි අපේ ප්‍රහාරක යුද ශක්තිය දිගටම ප්‍රදර්ශනය කරනවා කියන උතුරු කොරියානු පණිවුඩය ප්‍රකාශයට පත් කිරීමක්"
ඉහත කී යුද සරඹ සැලැස්ම පසුගිය වසරේ සිංගප්පුරුවේදී මුහුණට මුහුණ ලා සිදුවූ පළමු හමුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනයේ "ජීවය සිඳීමක්' ලෙස උතුරු කොරියාව විසින් විග්‍රහ කරනු ලැබ ඇත.
එසේම සිදු කිරීමට යන යුද සරඹ න්‍යෂ්ටික නිරවිකරණ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ගන්නා ප්‍රයත්නයට බලපෑ හැකි බවට 'ප්යොංයැං' පාලනය අනතුරු ඇඟවීමක් ද කරයි.
එම නිරවි සාකච්ඡා ඉතාම ඉක්මණින් ආරම්භ කෙරෙනු ඇතැයි බලාපොරොත්තු තබන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ (Mike Pompeo) පසුගිය සඳුදා ප්‍රකාශ කළත්,ඉදිරි සාකච්ඡාවක් තවමත් සැලසුම් කරනු ලැබ නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමෙරිකානු -උතුරු කොරියානු සබඳතා
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නතර කරන බවත්,මහාද්වීපික මට්ටමින් ප්‍රහාර එල්ල කළ හැකි බැලිස්ටික් මිසයිල භාවිත නොකරන බවත් කිම් ජොන් අන් පසුගිය වසරේ ප්‍රකාශ කළේය.
කෙසේවුවද, උතුරු කොරියානු න්‍යෂ්ටික ක්‍රියාකාරකම් දිගටම සිදු වෙමින් ඇති ආකාරයක් දක්නට ලැබුණි.
බෝම්බ ඉන්ධන ලෙස යොදාගත හැකි විකිරණ ද්‍රව්‍ය පිරිපහදු බල ශක්තිය 'ප්යොංයැං' පාලනය සතුව ඇති බව පෙන්නුම් කෙරෙන ක්‍රියාකාරකම් උතුරු කොරියාවේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කෙරේ.
ඉතා දැඩි ආර්ථික සම්බාධක නොතකමින් අලුත් අවි ආයුධ නිර්මාණය කිරීමේ සිය හැකියාව ද 'ප්යොංයැං' පාලනය දිගටම ප්‍රදර්ශනය කරමින් සිටී.
බදාදා විදින ලද මිසයිල් දෙකට සමාන වූ කෙටිදුර මිසයිලයක් ඔවුහු පසුගිය මැයි මාසය මුලදී ද එල්ල කළහ.
2017 ඔවුන් අත්හදා බැලූ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයෙන් පසු උතුරු කොරියාවෙන් වාර්තා වූ පළමු මිසයිල විදීම එය විණි.
උතුරු කොරියාව පසුගිය සතියේ අලුත් සබ්මැරීනයක් ද ලෝකයට ප්‍රදර්ශනය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
එම සබ්මැරීනය බැලිස්ටික් මිසයිල තුනක් පමණ ප්‍රවාහනය කිරීමේ බල පරිමාවකින් යුක්ත යයි දකුණු කොරියානු නිලධාරීන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත.
කියවන්න ;








