චීන අභ්‍යවකාශ ගවේෂණ: ලෝක ඉතිහාසයේ පළමු වරට සඳ මත සිටවූ බීජ දලු දමයි

CLEP

ඡායාරූප මූලාශ්‍රය, CLEP

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මගින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළවී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය (China National Space Administration) පවසයි.

සඳ මත යම් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් රෝපණය වූ පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වන අතර එය දීර්ඝ අභ්‍යවකාශ තරණයන් සඳහා තැබූ වැදගත් පියවරක් ලෙස සැලකේ.

Chang'e 4 යනු පෘථිවියට ප්‍රතිවිරුද්ධව පිහිටි සඳේ මතුපිට පෘෂ්ඨයට ගොඩ බැස්වූ පළමු අභ්‍යවකාශ යානයයි.

එම පෘෂ්ඨයේ භූගර්භ විද්‍යාත්මක ලක්ෂණ විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය උපාංග රැගත් චෑං e-4 යානය සඳ මත ගොඩ බැස්වූයේ, ජනවාරි මස 3 වන දාය.

කියවන්න:

BBC

මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ශාක රෝපණයක් සිදු කර ඇතත් සඳ මත මීට පෙර ශාක රෝපණය කර නොතිබිණි.

සඳ මත ශාක රෝපණය කළ හැකි වුවහොත් එය අඟහරු තරණය වැනි වසර දෙකහමාරක් තරම් කාලයක් ගත වන දීර්ඝ අභ්‍යවකාශ ගමන්වලට උපකාර වනු ඇත.

ඒ අනුව, ගගනගාමීන්ට ආහාර රැගෙන යාම සඳහා යළි පෘථිවියට නොපැමිණ අභ්‍යවකාශය මත ම සිය ආහාර නිෂ්පාදනය කර ගත හැකි වනු ඇත.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

චීන චන්ද්‍ර යානය මගින් පුළුන් බීජ, අර්තාපල් බීජ, යීස්ට් සහ බිම්මල් බීජ ආදිය යෙදූ පස් සඳ වෙත රැගෙන යන ලදී.

මෙම ශාක යානය තුළ ඇති මුද්‍රා තබන ලද බහාලුම්වල තබා තිබේ. මෙම වගාව හරහා කෘත්‍රිම, ස්වයං පෝෂිත ජෛව ගෝලයක් නිර්මාණය කිරීමට නියමිතය.

තවදුරටත් කියවන්න:

CLEP

ඡායාරූප මූලාශ්‍රය, CLEP

සඳ මත ඇති පුළුන් බීජ දලු දමා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය අඟහරුවාදා (15) නිවේදනය කළේය.

චීන පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ පුවත්පත වන පීපල්ස් ඩේලි පුවත්පත, ට්විටර් පණිවිඩයක් හරහා ඡායාරූපයක් පළ කරමින් සඳහන් කර තිබුණේ, "සඳ මත මිනිසුන් විසින් කරන ලද පළමු ජීව විද්‍යාත්මක පරීක්ෂණය," එමගින් සනිටුහන් වූ බවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ඔස්ට්‍රේලියානු අභ්‍යවකාශ නිරීක්ෂණායතනයේ ගගනගාමියෙකු වන ෆ්‍රෙඩ් වොට්සන් (Fred Watson) බීබීසී පුවත් සේවයට පැවසුවේ, මෙය "ඉතා හොඳ පුවතක්" බවය.

"මේ මගින් පැහැදිලි වෙනවා, සඳ මත පර්යේෂණ කරන අභ්‍යවකාශගාමීන්ට පාලිත පරිසරයක් තුළ ඔවුන්ට අවශ්‍ය ආහාර වගා කිරීම අපහසු නොවන බව."

"අනාගතයේදී අභ්‍යවකාශය මත ජීවත් වීම ගැන අපි සැලකිල්ලක් දැක්වූවා," මෙම පර්යේෂණයේ ප්‍රධාන සැලසුම්කරු වන මහාචාර්ය ෂී ජෙංෂින් (Prof Xie Gengxin) සවුත් චයිනා මෝර්නිං පෝස්ට් පුවත්පතට පවසා තිබේ.

"ගුරුත්වාකර්ෂණය අඩු පරිසරයක මෙම ශාක වර්ධනය වන ආකාරය අධ්‍යයනය කිරීම අපේ අනාගත අභ්‍යවකාශ තරණයන්ට පදනම් සකස් කිරීමක්."

ඔහු පැවසුවේ, පුළුන් වගා කිරීමෙන් ගගනගාමීන්ට අවශ්‍ය ඇඳුම් සකසා ගත හැකි අතර අර්තාපල් මගින් ආහාර සහ සෙසු බීජවලින් තෙල් සකස් කර ගත හැකි වනු ඇති බවය.