ඕස්ට්‍රේලියාව: ක්වීන්ස්ලන්තයේ ලැව් ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකික පවුල් හතරකට නිවාස අත්හැර යන්නට සිදුවෙලා

BBC/Indu_Samarasena

ඡායාරූප මූලාශ්‍රය, BBC/Indu_Samarasena

"වැඩ ඉවරවෙලා ගෙදර පැත්තට එනකොට අපේ ගෙවල් වලින් ඉවත්වන හැටියට නිවේදන නිකුත් කරල තිබුණා, ගෙදරට යන්න බැරි විදියට වාහන තදබදයක් තිබුණා," ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ලැව් ගිනි ව්‍යසනය සම්බන්ධයෙන් එහි වාසය කරන චම්පිකා ලියනගේ බීබීසී සිංහල සේවයට පැවසුවාය.

රෝකින්හැම්ටන් නගරයේ පාසලක සහායක ගුරුවරියක් ලෙස සේවය කරන චම්පිකාට ද, ක්වින්සලන්ඩ්හි ඇතිවී තිබෙන ලැව් ගිනි හේතුවෙන් තම නිවස හැරදමා යන්නට සිදුවිය.

මෙම ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලාංකික පවුල් හතරකට නිවාස හැරයන්නට සිදුවී තිබෙන බව චම්පිකා ලියනගේ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළාය.

"මෙහේ ඉන්න ශ්‍රී ලාංකිකයන් අපිව ඉතා ආදරයෙන් රැකබලා ගන්නවා" - චම්පිකා ලියනගේ

ඡායාරූප මූලාශ්‍රය, Champika Liyanage

ඡායාරූප ශීර්ෂ වැකිය, "මෙහේ ඉන්න ශ්‍රී ලාංකිකයන් අපිව ඉතා ආදරයෙන් රැකබලා ගන්නවා" - චම්පිකා ලියනගේ

ඉතිහාසයේ දරුණුම ලැව් ගින්න

දරුණු ලැව් ගිනි හේතුවෙන් තමන්ගේ නිවාසවලින් ඉවත්ව යන ලෙස ඕස්ට්‍රේලියානු බලධාරීන් දහස් ගණනක් ක්වින්සලන්ඩ් වාසීන්ට දැනුම් දී තිබේ.

ඔවුන්ට අනුව එම ප්‍රාන්තයේ ගිනි අනතුරු ඇඟවීම "විනාශකාරී" යන උපරිම තත්ත්වයට පැමිණ ඇත්තේ පළමු වරටය.

මේ ගැනත් දැනගන්න:

BBC/Indu_Samarasena

ඡායාරූප මූලාශ්‍රය, BBC/Indu_Samarasena

"මගෙත්, ස්වාමියාගේත් දෙමාපියෝ නිවාඩුවකට ඇවිත් ඉන්නේ. අපේ යාලුවෙක් ඔවුන්ව අරගෙන ආරක්‍ෂිත ප්‍රදේශයට රැගෙන ආවා."

ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකිකයන් තමන්ට බොහෝ උපකාර කළ බවත්, දත් බුරුසුවේ සිට සියලුම අත්‍යාවශ්‍ය දේ මෙන්ම, ඉඳුම්හිටුම් සහ ආහාර පවා ඔවුන්ගෙන් ලැබෙන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

"අත්‍යවශ්‍ය දේවල් අරගෙන යන්න මමත් ස්වාමියාත් අපේ ගෙදරට ගියා. අපිට අධික උණුසුමක් දැනුනා, දුම හැරුණුකොට ගින්දර පෙනුනේ නෑ." ඇය බීබීසී සිංහල සේවය සමග පැවසුවාය.

Australia Bush fire

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ලැව් ගින්න ක්වින්ස්ලන්තයේ ස්ථාන 130කට අධික ප්‍රමාණයක් පුරා පැතිරී ගොස් තිබේ

ලැව් ගින්න ක්වින්ස්ලන්තයේ ස්ථාන 130කට අධික ප්‍රමාණයක් පුරා පැතිරී ගොස් තිබෙන අතර, අධික සුළං තත්ත්වය හේතුවෙන් එය තවදුරටත් වේගයෙන් පැතිරෙමින් පවතී. පවතින උණුසුම් කාලගුණය සහ වියලී ගිය ගස්වැල් නිසා තත්ත්වය දරුණු වී තිබේ.

ගින්න ඇතිවූ සති අන්තයේ සිට මේ දක්වා දේපල විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර පාසල් 30 ක් පමණ වසා දමා ඇත.

සබැඳි පුවත්: