ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නිදහස් කුණු කූඩය: කාන්තාවන්ගේ අඩි උස පාවහන්
අධ්‍යයනයන්ට අනුව අඩි උස පාවහන් පැළඳීම මාංශ පේශි විකෘති වීමට සහ අස්ථි භග්නවලට හේතු වියහැකි බව පෙන්වාදී තිබේ.
එසේම, ඉන් ඇතිවන අපහසුතාව අවම කිරීම සඳහා පාවහන්වල ඉදිරි කොටසට කුෂන් සහ වෙනත් උපාංග යෙදීම වැනි කරුණු සඳහා දෙවෙනි වෙළඳපොළක් ද නිර්මාණය වී තිබේ.
සමහර විට අඩි උස පාවහන් නොපැළඳීම සියල්ලට ම වඩා පහසු වේවි නේද?
කාන්තාවන්ගේ අලංකාරය හා බැඳී තිබුණද, අඩි උස පාවහන් මුලින්ම යොදාගනු ලැබුවේ පුරුෂයන් සඳහාය. පර්සියාවේ අශ්වයන් පිට ගමන් කරන සෙබලු තමන්ගේ පාදය නිසි පරිදි අශ්ව බඳ පටි මත රඳා පවත්වා ගැනීම සඳහා අඩි උස පාවහන් භාවිත කළහ.
අඩි උස පාවහන් පැළඳීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් 2016 වසරේදී ලන්ඩන් නගරයේ සේවය කළ පිළිගැනීමේ නිලධාරිනියකට සිය රැකියාව අහිමි විය. එය රැකියාව සඳහා අඩි උස පාවහන් පැළඳීම අනිවාර්ය බව නියම කිරීම, නීති විරෝධී ක්‍රියාවක් බවට එක්සත් රාජධානිය පුරා මතයක් ඇති කිරීමට හේතු විය.
රජය, නීති වෙනස් කිරීම ප්‍රතික්ෂේප කළත්, සේවා ස්ථානයේ අඳින පළඳින ආකාරය පිළිබඳ උපමාන වැඩි දියුණු කිරීමට තමන් කටයුතු කරන බව පැවසීය.
වසර කීපයකට පෙර ජනප්‍රිය නිලි එමා තොම්සන් තමන් පැළඳ සිටි අඩි උස පාවහන් යුගල, සුප්‍රකට ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ දී ගලවමින් ඒවා බෙහෙවින් වේදනාකාරී බව ප්‍රකාශ කළාය. අවසානයේ ඇය පාවන් නොමැතිව සම්මාන ප්‍රධානයට එක්වූවාය.