Soyuz රොකට්ටුවේ සිටි රුසියානු සහ ඇමෙරිකානු ගගනගාමීන් දෙදෙනා නිරුපද්‍රිතව පෘථිවියට

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, රොකට්ටුව කාර්මික දෝෂයකට ලක්වූයේ, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා පියාසර කරමින් තිබියදී ය

අභ්‍යවකාශගාමීන් දෙදෙනෙකු රැගත් කැප්ස්‍යූලය සහිත රුසියානු සයුස් (Soyuz) රොකට්ටුව නිරුපද්‍රිතව කසක්ස්ථානයට ගොඩ බස්වා තිබේ.

එහි සිටි ඇලෙක්සි ඔව්චිනින් (Alexey Ovchinin) නමැති රුසියානු ගගනගාමියා සහ නික් හේග් නමැති ඇමෙරිකානු ගගනගාමියා "යහපත් සෞඛ්‍ය තත්ත්වයක" පසුවන බව නාසා ආයතනය පවසයි.

මේ වන විට සෝදිසි මෙහෙයුම් සහ සහන කණ්ඩායම් යානය ගොඩ බස්වා ඇති ස්ථානය වෙත ලඟා වෙමින් සිටිති.

මෙම රොකට්ටුව කාර්මික දෝෂයකට ලක්වූයේ, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) කරා පියාසර කරමින් තිබියදීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, The malfunction became apparent about 90 seconds into the flight

NASA ආයතනය පළ කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ, ගගනගාමීන් දෙදෙනා "බැලස්ටික් ක්‍රමවේදයට," ආපසු ගෙන්වා ගැනීමට සිදුවූ බවය.

"සාමාන්‍ය ක්‍රමය සමග සන්සන්දනය කිරීමේදී එය වැඩි ආනතියක්," සහිත ගොඩබෑමක් යනුවෙන් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ එය විස්තර කර තිබුණි.

NASA

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇලෙක්සි ඔව්චිනින් සහ නික් හේග් මාස 6ක කාලයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් විද්‍යාත්මත පරීක්ෂණ රැසක් කිරීමට සැලසුම් කර සිටියහ

සයූස් රොකට්ටුව අභ්‍යවකාශගත කෙරුණේ, පැය 6 ක කාලයකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමේ අනුමානය මතය.

එහි සිටි ඇලෙක්සි ඔව්චිනින් සහ නික් හේග් මාස 6 ක කාලයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් විද්‍යාත්මත පරීක්ෂණ රැසක් කිරීමට සැලසුම් කර සිටියහ.

සබැඳි පුවත්: