ඉන්දියාවේ හිටපු අගමැති අතල් බිහාරි වජ්පායි මියයයි

හිටපු අගමැති අතල් බිහාරි වජ්පායි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු අගමැති අතල් බිහාරි වජ්පායි

හිටපු ඉන්දීය අගමැති අතල් බිහාරි වජ්පායි අභාවප්‍රාප්ත විය.

93 වෙනි වියේ පසුවූ හිටපු අගමැතිවරයා වයෝවෘද්ධභාවය හේතුවෙන් හටගත් රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූයේ නව දිල්ලියේ පිහිටි AIIMS රෝහලේදීය.

ඔහු දැනට ඉන්දියාවේ පාලනය මෙහෙයවන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු විය.

ඉන්දීය දේශපාලනයේ දැවැන්තයෙකු ලෙස සැලකුණු ඔහු 1996 - 2004 අතර කාලයේදී තුන් වතාවක් එරට අගමැතිවරයා වූ අතර ඉන්දියාව ලෝක න්‍යෂ්ටික බලවතකු බවට පත්කිරීමෙහි ලා ක්‍රියා කළේය.

1998 දී දෙවෙනි වරට අගමැති ධුරය දරන අවදියේදී, ඉන්දියාව භූගත න්‍යෂ්ටික පරීක්ෂණ මාලාවක් කළ බව නිවේදනය කළ ඔහු, ලෝකය ම මවිතයට පත් කළේය.

1974 න් පසු ඉන්දියාව න්‍යෂ්ටික පරීක්ෂණයක් කළ පළමු අවස්ථාව එය විණි..

ලෝක ප්‍රජාවට කිසිදු දැනුම්දීමකින් තොරව කරන ලද එම අත්හදා බැලීම පුළුල් ලෙස කුපිත කිරීම් මෙන්ම කනස්සල්ල ඇතිකිරීමට ද හේතු විය.

නමුත් ඉන්දියාව තුළ ඔහු වීරයකු ලෙස සැලකිණි. සිය ජාතික ආරක්ෂාව බරපතල ලෙස තකන, ජාත්‍යන්තර පීඩනයට බිය නොවූ නායකයෙකු ලෙස ඔහුගේ ප්‍රතිරූපැය ඉහළ නැගීමට එය දායක විය.

වජ්පායි අභාවය පිළිබඳ ශෝකය පළකරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ අගමැති නරේන්ද්‍ර මෝදි, ඔහුගේ අභාවය "පුද්ගලික මෙන්ම පිරවිය නොහැකි අහිමි වීමක්" බව සඳහන් කළේය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

පන්ති හා කුල වශයෙන් බෙදුණු මිලියන ගණනක් වූ ඉන්දියානුවන් එක් කිරීමට හැකිවූ, ඉන්දියාවේ පහළ වූ හොඳම කථිකයෙකු වශයෙන් ද වජ්පායි සැලකිණි.

සාර්ථක හින්දි කවියෙකු ද වූ අතල් බිහාරි වජ්පායි ග්‍රන්ථ රැසක් ප්‍රකාශයට පත් කර ඇත.