ඉන්දුනීසියාවේ ජාකර්තා: ලොව සීග්‍රයෙන්ම ගිලා බසින නගරය

BBC
ඡායාරූප ශීර්ෂ වැකිය, ගිලෙන ජාකර්තා

මිලියන 10 ක ජනයා ජීවත්වන ඉන්දුනීසියාවේ අග නගරය, ජාකර්තා ලොව වේගයෙන්ම ගිලා බසින නගරය බවට පත්ව ඇත. මෙලෙස නොනවත්වා සිදුවන්නේ නම් වර්ෂ 2050 වනවිට නගරය මුළුමනින් ම යටවනු ඇති බව පර්යේෂකයෝ පවසති.

ජාකර්තා නගරය නිර්මාණයවී ඇත්තේ වගුරු බිමකය. ජාවා මුහුද එහි සීමාවේ ඇති අතර ගංගා තුනක් නගරය හරහා ගලා බසී.

මේ හේතුවෙන් ජාකර්තා නගරයේ නිරන්තර ජල ගැලීම් අරුමයක් නොවේ. විශේෂඥයන්ට අනුව නම් මේ තත්ත්වය දිනෙන් දිනම නරක අතට හැරෙමින් පවතී.

නමුත්, විකෘති ජල ගැලීම් නොව, සැබෑ ලෙසම මෙම සුවිසල් නගරය පොළවේ අතුරුදහන් වෙමින් පවතී.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

ජාකර්තා නගරයේ උතුරු කොටස පසුගිය වසර 10 තුළ මීටර් 2.5 ක් ගිලා බැස තිබේ. එසේම සමහර ප්‍රදේශ වසරකට සෙ.මි. 25 ක් පමණ ගිලා බසී. එය ලෝකයේ මුහුද ආසන්නයේ පිහිටා ඇති නගරවල ගිලා බැස්මේ සාමාන්‍යය මෙන් දෙගුණයකි.

එසේම මේ වනවිට නගරයෙන් අඩක් පමණ මුහුදු මට්ටමට පහතින් පිහිටා ඇත. මේ තත්ත්වය උතුරු ජාකර්තා හි ඉතා ඉක්මණින් දකින්නට ලබෙනු ඇත.

අතීතයේ පටන් උතුරු ජාකර්තා, වරාය නගරයක් ලෙස පැවතියේ ය. අද පවා ඉන්දුනීසියාවේ කාර්ය බහුලම වරායක් වන තන්ජුන් ප්‍රිඔක් (Tanjung Priok) එහි පිහිටා ඇත.

සිලිවුන්ග් (Ciliwung) ගංගාව ජාවා මුහුදට වැටෙන ස්ථානයේ පිහිටි එහි උපාය මාර්ගික පිහිටීම, 17 වෙනි සියවසේදී ලන්දේසීන් තම කාර්ය බහුල මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගැනීමට හේතු විය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මුහුදු ජලය වැලැක්වීමට ඉදිකළ බැමි

ලොව පුරා මුහුද ආශ්‍රිත නගර කාලගුණ විපර්යාසය හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යාම නිසා තර්ජනයට ලක්ව ඇත.

එය මෙම කතාවේ එක් කොටසක් පමණි.

ජාකර්තා ගිලා බැසීමට, මහජනයාගේ දෛනික ජල අවශ්‍යතා සඳහා භූගත ජලය විශාල වශයෙන් ලබා ගැනීම හේතුවී තිබේ. නල ජලය බොහෝ ප්‍රදේශවලට නොමැති බැවින්, මහජනයාට ඉතා ගැඹුරු භූගත ජලය පොම්ප කර භාවිතයට ගැනීම හැර විකල්පයක් නැත.

නමුත්, භූගත ජලය පොම්ප කිරීමත් සමග හිස්වන අවකාශය දරාගත නොහැකිව මතුපිට පොළොව ක්‍රමයෙන් ගිලා බැසීමට ලක්වේ.

AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, විකල්ප ජල මුලාශ්‍ර අතිශයින් දුෂණයට ලක්ව ඇත.

ජල කළමණාකරන ආයතන මහජනයාගේ ඉල්ලුම සැපිරීමට අපොහොසත් අතර විශේෂඥයන්ට අනුව ඔවුන් සපයන්නේ ජල අවශ්‍යතාවයෙන් 40% ක් පමණි. මේ හේතුවෙන් තමන්ට විකල්පයක් නොමැති බව මහජනයා පවසති.

තවත් පුවත්: