Winnie the Pooh: චීනයේ ප්‍රදර්ශනය කිරීමට අවසර නැති 'විනී ද පූ' චිත්‍රපටය

Winnie the Pooh blocked in China

ඡායාරූප මූලාශ්‍රය, GETTY/LAURIE SPARHAM

ලෝ පුරා ප්‍රසිද්ධ 'විනී ද පූ' කාටූනය ඇසුරෙන් නිෂ්පාදනය කර ඇති 'ක්‍රිස්ටෝෆර් රොබින්' (Christopher Robin) සිනමාපටය චීනයේ ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර නොදීමට චීන බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම තීරණයට හේතු ඉදිරිපත් කර නොමැත.

කෙසේවෙතත්, පූ වලසා කාටූන් චරිතයේ ඡායාරූප පසුගිය වසරේ සිට සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කිරීමට චීනය කටයුතු කරමින් සිටී. මෙයට හේතුව වන්නේ කාටූන් චරිතය විවිධ දේශපාලනඥයන්ට සමාන කිරීමය.

ඇත්තෙන්ම, මෙය සිදු වූයේ චීන නායක ෂි ජින්පින් මෙම කාටූන් චරිතයට සමාන කිරීමත් සමගය.

පූ වලසා සහ එහි තවත් ප්‍රසිද්ධ චරිතයක් වන 'ටිගර්' නම් කොටියා එකට ඇවිද යන ඡායාරූපයක්, 2013 වර්ෂයේ ෂි ජින්පින් සහ ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා එකට ඇවිද යන ඡායාරූපයක් සමග සංසන්දනය කර තිබෙනු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැකිය හැකිය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ඉන්පසු, 2014 වර්ෂයේදී ෂි ජින්පින් ජපාන අගමැතිවරයා වන ෂින්සෝ අබේ අතට අත දෙන ඡායාරූපයක්, පූ වලසා සහ 'ඊයෝර්' (Eeyore) නම් බූරු පැටවා අතට අත දෙන ඡායාරූපයකට සමාන කර තිබිණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මෙම ඡායාරූප මහත් ප්‍රසිද්ධියට පත් වුණි. නමුත්, වැඩි කාලයක් ගත වීමට පෙර එම ඡායාරූප, ඒවා ඇතුළත් GIFs සහ ඒ පිළිබඳ සමාජ මාධ්‍ය ජාලවල පළවූ සියල්ල අවහිර කිරීමට චීන බලධාරීහු පියවර ගත්හ.

2015 වසරේදී, චීන ජනාධිපති ෂි ජින්පින්, මෝටර් රථ ප්‍රදර්ශනයකදී විනී ද පූ සෙල්ලම් කාරයක නැගී සිටින චිත්‍රයක් අසල සිටියදී ලබා ගත් ඡායාරූපයක් "චීනයේ වැඩිම පරීක්ෂාවට ලක්වූ ඡායාරූපය" බවට පත්ව ඇතැයි දේශපාලන විශ්ලේෂණ ආයතනයක් වන 'ග්ලෝබල් රිස්ක් ඉන්සයිට්ස්' (Global Risk Insights) පවසයි.

පසුගිය ජුනි මස බ්‍රිතාන්‍ය ජාතික ප්‍රහසන ශිල්පියෙකු වන ජෝන් ඔලිවර්, ඇමරිකාවේ පැවති ඔහුගේ වැඩසටහනකදී ජනාධිපති ෂි ජින්පින් සහ චීනය විවේචනය කළ අතර, පූ වලසා සමග සංසන්දනය කිරීම ගැන චීන ජනාධිපතිගේ ප්‍රතිචාරය ගැන සිය අදහස් දැක්විය. මෙයින් පසු චීනය, ජෝන් ඔලිවර් සහ HBO ආයතනයේ වෙබ් අඩවි නිරන්තරයෙන් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ.

Winnie the Pooh blocked in China

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පූ වලසා ගැන චීනයේ අවධානය යොමු වී ඇත්තේ, එම කාටූනය මගින් "චීන ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති ෂි ජින්පින්ගේ ගෞරවයට දැඩි හානි සිදු කිරීමට ගත් උත්සාහයක්" ලෙස දැකීම හේතුවෙන් යැයි ග්ලෝබල් රිස්ක් ඉන්සයිට්ස් ආයතනය පැවසීය.

කෙසේවෙතත්, හොලිවුඩ් වාර්තාකරුවෙකු නිරීක්ෂණය කළ පරිදි, චීනය තුළ විදෙස් සිනමාපට ප්‍රදර්ශනය කිරීමේ කෝටා ක්‍රමයක් පවතී. ඒ අනුව, වර්තමානයේ දී වසරකට ප්‍රදර්ශනය කළ හැක්කේ විදෙස් චිත්‍රපට 34ක් පමණි.

මේ තොරතුරුද කියවන්න: