චන්ද්‍රග්‍රහණය: සියවසකින්වත් දකින්නට නොලැබෙන දීර්ඝතම 'රතු චන්ද්‍රයා'

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අපේක්ෂාවේ දෑස් වෙත 'රතු චන්ද්‍රයා'

අහස නිරීක්ෂණය කිරීමට ලැදි ලොව පුරා ජනයා කුල්මත් කරමින් 21 වෙනි සියවසේ දීර්ඝතම 'රතු චන්ද්‍රයා' සිකුරාදා (27) රාත්‍රියේදී දිස්වනු ඇත.

චන්ද්‍රයා පෘථිවියේ අඳුරු සෙවනැල්ල තුළට පිවිසීමත් සමග රතු පැහැය හෝ රතු පැහැයට හුරු දුඹුරු පැහැය ගනු ඇත.

පූර්ණ චන්ද්‍රග්‍රහණයට අයත් කාලය නැතහොත් චන්ද්‍රයා පෘථිවියේ සෙවනැල්ලෙන් මුළුමනින් ම වැසී ඇති කාලය පැය එකකුත් විනාඩි 43 ක් වේ.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

ජුලි 27 වෙනිදා සිදුවන චන්ද්‍රග්‍රහණය, යුරෝපය, මැද පෙරදිග, අප්‍රිකාව සහ විශේෂයෙන් ආසියාවට පැහැදිළි ලෙස දර්ශනයවේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රිය පසුවී පළමු පැයේදී මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය දිස්වනු ඇත.

දැනට ඇති තොරතුරු අනුව, සමස්ත දිවයිනට ම මෙම චන්ද්‍රග්‍රහණය බාධාවකින් තොරව දිස්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාර කාලගුණ විද්‍යාඥ, ශානිකා දිසානායක බීබීසී සිංහල සේවය සමග සඳහන් කළාය.

මේ අතර, 2003 වසරෙන් පසුව ඉදිරි දින කීපය තුළ පෘථිවිය ආසන්නයටම පැමිණෙන අඟහරු ග්‍රහයා, 'දීප්තිමත් රතු තරුවක්' ලෙස දිස්වනු ඇත.

චන්ද්‍රග්‍රහණය මෙතරම් දිගු කාලයක් පුරා සිදුවන්නේ ඇයි?

SPL

ඡායාරූප මූලාශ්‍රය, SPL

චන්ද්‍රයා, පෘථිවියේ සෙවනැල්ලේ පුළුල්ම ස්ථානයෙන් ඇතුළු වී කේන්ද්‍රය හරහා ගමන් කිරීම මෙසේ දීර්ඝ චන්ද්‍රග්‍රහණයක් දිස්වීමට හේතුවේ.

"ඇත්තටම මෙය, සිදුවිය හැකි දීර්ඝතම චන්ද්‍රග්‍රහණයයි," යනුවෙන් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥ මාහාචාර්ය ටිම් ඔ'බ්‍රයන් (Tim O'Brien) පැහැදිළි කරයි.

චන්ද්‍රග්‍රහණයේ භාවිත කෙරෙන යෙදුම්;

  • අම්බ්‍රා (Umbra): පෘථිවියේ සෙවනැල්ලෙහි කේන්ද්‍රය නැතහොත් අඳුරුතම කලාපය.
  • පෙනම්බ්‍රා (Penumbra): එතරම් අඳුරු නොවන පෘථිවියේ සෙවනැල්ල.
BBC

සාමාන්‍ය භාවිතයේ යෙදෙන පරිදි, චන්ද්‍රයා පෘථිවියට බොහෝ ඈතින් පිහිටි නිසා සහ එහි ගමන් පථය ඉලිප්සායාකාර නිසා එය පෘථිවියට ලංවීම සහ දුරස්වීම සිදුවේ. ඒ අනුව විටෙක චන්ද්‍රයා විශාල ලෙසද, විටෙක එය කුඩාවට ද දිස්වේ.

වසර පහළොවකට පසුව පෘථිවියට ආසන්නවන ආඟහරු ග්‍රහයා 'දීප්තිමත් රතු තරුවක්' ලෙස චන්ද්‍රයාට පහළින් දිස්වනු ඇති බව මහාචාර්ය ටිම් පවසයි.

"ශ්‍රී ලාංකිකයන්ට හොඳින් දිස්වේවි"

SCIENCE PHOTO LIBRARY

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.44 ට චන්ද්‍රග්‍රහණය ආරම්භවේ

ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.44 ට ආරම්භවන චන්ද්‍රග්‍රහණය අලුයම 01.00 ට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වනු ඇත. පැයකුත් විනාඩි 43 ක් ශ්‍රී ලංකාවට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණය පෙරවරු 02.43 ට අවසන්වී පෙරවරු 05.00 පමණ වනවිට මුළුමණින්ම දීප්තිමත්වේ.

බීබීසී සිංහල සේවය කාලගුණ දෙපාර්තමේන්තුවේන් කළ විමසීමකදී, උතුරු සහ ඌව පළාත්වල යම් වලාකුළු තත්ත්වයන් පැවතිය හැකි නමුත්, දැනට ඇති තොරතුරු අනුව, සමස්ථ දිවයිනටම මෙම චන්ද්‍රග්‍රහණය බාධාවකින් තොරව දිස්වනු ඇති බව තමන් විශ්වාස කරන බව කාර්යභාර කාලගුණ විද්‍යාඥ, ශානිකා දිසානායක පැවසුවාය.

BBC

සබැඳි පුවත්: