ලෝක 'ඉමෝජි' දිනයට ඇපල් සමාගමෙන් අලුත් නිර්මාණ

ඔබ තට්ටය සහිත පුද්ගලයෙක් වුවත්, දුඹුරු, අළු පැහැති හෝ කැරලි කොණ්ඩයක් හිමි වුවත් අද දින ඔබ වෙනුවෙන් වෙන් වී තිබේ.

ලෝක 'ඉමෝජි' දිනය සැමරීම අද දිනට (ජූලි 17) යෙදී තිබෙන අතර, ඉහත සඳහන් කළ වර්ග ඇතුළු විවිධ සතුන්ගේ ඉමෝජි 'ඇපල්' ජංගම දුරකථන මෘකාංගයට එක් කිරීමට එම සමාගම කටයුතු කර තිබේ.

ඉමෝජි යනු මිනිසුන්ගේ මුහුණේ විවිධ ඉරියව්, ක්‍රියාකාරකම්, හැඟීම් මෙන්ම විවිධ සතුන්, භාණ්ඩ වර්ග, ආහාර ඇතුළු බොහෝ දේවල කුඩා කාටූන් ඡායාරූපයි. වචන පෙළකින් කිව යුතු යමක් මෙවැනි එක් ඡායාරූපයකින් අනෙක් පුද්ගලයාට දන්වා යැවීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වති.

නවතම ඉමෝජි පිළිබඳ තීරණ ගන්නා යුනිකෝඩ් කොන්සෝටියම් (Unicode Consortium) සමාගම මෙම වර්ණවත් ඉමෝජි ගැන පසුගිය පෙබරවාරි මස නිවේදනයක් නිකුත් කළේය.

කැන්ගරූ, ගිරව් සහ මොනරුන් වැනි ඉතා අලංකාර සතුන් පමණක් නොව නවතම කොණ්ඩ මෝස්‌තර පවා ඉමෝජි අතරට එකතු වී ඇත.

ගෝවා, අඹ වැනි පෝෂ්‍යදායී ආහාර සේම වර්ණවත් කේක් වර් ද ආහාර අතරට එකතු වී තිබේ.

මෙම වසර අවසාන වන විට නොමිලේ සිදු කෙරෙන මෘදුකාංග යාවත්කාලීන කිරීම තුළින් නවතම ඉමෝජි හැත්තෑවක් ස්වයංක්‍රීයව සිය ජංගම දුරකථනයේ දැකගත හැකිය.

ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය කරන විවිධ සමාගම් මෙම ඉමෝජි භාවිතා කරන විට සුළු වෙනස්කම් ඇති වීමට ඉඩ ඇතත්, පොදුවේ ඒ සියල්ල එකම ආකාරයෙන් දිස්වේ.

ලෝක ඉමෝජි දිනයේ නිර්මාතෘ ජෙරමි බර්ජ් පැවසුවේ දුඹුරු පැහැති මුහුණු සහිත ඉමෝජි වැඩිපුර පරිශීලකයන් අතර ජනප්‍රිය වනු ඇති බවට තමන් විශ්වාස කරන බවය.

"හැම වෙලාවේම වගේ, වැඩිපුර ඉල්ලීම් ලැබුණේ සෑම පුද්ගල වර්ගයක්ම නියෝජනය වන පරිදි ඉමෝජි නිර්මාණය කරන්න කියලා. විශේෂයෙන්ම රතු කොණ්ඩ සහ කැරලි කොණ්ඩ සහිත ඉමෝජි ප්‍රසිද්ධ වෙන්න ඉඩ තිබෙනවා" යැයි ජෙරමි බර්ජ් පැවසූ බව සීඑන්එන් පුවත් සේවය සඳහන් කර තිබිණි.

ආබාධිත පුද්ගලයන් නියෝජනය කරන ඉමෝජි හඳුන්වාදීමට ක්‍රියා කරන බව ඇපල් සමාගම පසුගිය මාර්තු මස පැවසුවේය.

රෝද පුටු භාවිතා කරන්නන්, අබාධිත පුද්ගලයන්ට සහාය දක්වන සුනඛයන් සහ ශ්‍රවන අධාරක සහිත ඉමෝජි එම යෝජනා අතර විය.

මෙවැනි ඉමෝජි 2019 වර්ෂය වන විට හඳුන්වා දීමට යුනිකෝඩ් කොන්සෝටියම් සමාගම එකඟ වී තිබේ.

මේ තොරතුරුද කියවන්න: