ඇමෙරිකාව සහ හවුල් රටවල් සිරියාවේ රසායනික අවි ඇති තැන්වලට පහර දෙති

"සිරියානු පාලනය තහනම් කරන ලද රසායනික භාවිතය නවතන තෙක් මෙම ප්‍රතිචාරය පවත්වාගෙන යාමට සූදානම් " බව ජනාධිපති ට්‍රම්ප් කීය.
ඡායාරූප ශීර්ෂ වැකිය, "සිරියානු පාලනය තහනම් කරන ලද රසායනික භාවිතය නවතන තෙක් මෙම ප්‍රතිචාරය පවත්වාගෙන යාමට සූදානම් " බව ජනාධිපති ට්‍රම්ප් කීය.

සිරියාවේ රසායනික අවි ඇතැයි සැලකෙන ස්ථාන ඉලක්ක කරමින් එරට ආණ්ඩුවේ ඉලක්ක ගණනාවකට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ගුවනින් බෝම්බ හෙලූහ.

මෙම ගුවන් ප්‍රහාර එල්ල කෙරුනේ සිරියාවේ ඩුමා නගරය වෙත එල්ලවූ රසායනික යැයි සැකකෙරෙන ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙනි.

දමස්කස් අගනුවර මෙන්ම හොම්ස් නගරය ආසන්න ස්ථාන දෙකක පිපිරීම් සිදුවූ බව පෙන්ටගනය පැවසීය.

සිය හවුල්කරුවා වෙත එල්ල කරන ලද ප්‍රහාරය "පලවිපාකවලින් තොර නොවනු ඇති බව" ඇමෙරිකාවේ සිටින රුසියානු තානාපතිවරයා සඳහන් කළේය.

ඇමෙරිකාවේ වේලාවෙන් රාත්‍රී 9 ට ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, "ප්‍රංශ හා බ්‍රිතාන්‍ය හමුදා සමග එකාබද්ධවූ මෙහෙයුමක් දැන් ක්‍රියාත්මකවනවා " යැයි කියා සිටියේය.

වසර හතක් ගෙවී ඇති සිරියානු යුද්ධය තුළ ජනාධිපති බශාර් අල් අසාද් ගේ ආණ්ඩුවට එරෙහිව බටහිර බලවතුන් විසින් දියත් කරන ලද මෙම ප්‍රහාර මාලාව වඩාත් සුවිශේෂී යැයි සැලකේ.

මේ තොරතුරු දැනගන්න:

"එක් වරක පහරක්"

ජනාධිපති ට්‍රම්ප් ගේ නිවේදනයෙන් අනතුරුව ප්‍රහාර එල්ල කෙරුණු ඉලක්ක තුනක් පිළිබද ජෙනරාල් ජෝසෆ් ඩන්ෆර්ඩ් පැහැදිලි කළේය :

  • රසායනික හා ජීවවිද්‍යාත්මක අවි නිපදවීමට සම්බන්ධ යැයි සැලකෙන දමස්කස් හි පිහිටි විද්‍යාත්මක පර්යේෂණායතනයක්
  • බටහිර හොම්ස් හි පිහිටි රසායනික අවි ගබඩාවක්
  • හොම්ස් නගරයට ආසන්න රසායනික අවි උපකරණ ගබඩාවක් හා පාලන ස්ථානයක්

මිසයිල දුසිමකට වැඩි ප්‍රමාණයක් බිම හෙලා ඇති බව වාර්තා කළ සිරියානු රජයේ රූපවාහිනිය, දමස්කස් නගරයේ පර්යේෂණායතනයට පමණක් හානි වී ඇති බව කීය.

හොම්ස් නගරයේදී සිවිල් වැසියන් තිදෙනෙකු පමණක් තුවාල ලබා ඇති බවද කියා සිටියේය.

මෙම මෙහෙයුමේදී ඇමෙරිකානු පාර්ශ්වයට අලාභ සිදුවී ඇති බවක් වාර්තාවී නැතැයි එරට ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් වාර්තාකරුවන්ට සඳහන් කළේය.

"සිරියානු පාලනය තහනම් කරන ලද රසායනික භාවිතය නවතන තෙක් මෙම ප්‍රතිචාරය පවත්වාගෙන යාමට සූදානම් " බව ජනාධිපති ට්‍රම්ප් මීට කළ කතාවේදී පැවසුවත් මැටිස් කියා සිටියේ "දැනට, මේක එක වරක පහරදීමක්" යනුවෙනි. ජෙනරාල් ඩන්ෆර්ඩ් ද ප්‍රහාර මාලාව නවතන ලද බව තහවුරු කළේය.

බ්‍රිතාන්‍යයෙන් හොම්ස් වෙත ප්‍රහාර

රුසියානුවන් හට තුවාල සිදුවීමේ අවදානම "අවම" කෙරෙන ඉලක්ක විශේෂයෙන්ම හඳුනාගනු ලැබූ බව ජෙනරාල් ඩන්ෆර්ඩ් සඳහන් කළේය. නමුත් පෙන්ටගනය කියා සිටියේ රුසියාව විසින් - සිරියානු ආණ්ඩුවේ සහයට එහි සිටින සිය හමුදා වෙත ඉලක්ක සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක් කරනු ලැබ නැති බවය.

ඇමෙරිකාවේ සිටින රුසියානු තානාපති අනතෝලි අන්තොනොෆ්, මෙවැනි ක්‍රියා පලවිපාකවලින් තොර නොවන බවට අනතුරු අඟවා ඇති බව කීය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ප්‍රහාරවලට එක්සත් රාජධානියේ සම්බන්ධය තහවුරු කළ අගමැතිනි තෙරේසා මේ, "බලහත්කාරය යෙදවීම සම්බන්ධයෙන් වෙනත් ප්‍රායෝගික විකල්පයක් නැහැ" යැයි කියා සිටියාය.

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ
ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ

නමුත් මෙම ප්‍රහාරය "ආණ්ඩු පෙරලියක්" සඳහා නොවන බව ද ඇය කීවාය.

ටොනේඩෝ ජෙට් යානා හතරකින් එක්සත් රාජධානිය සිය ප්‍රහාර එල්ල කළේ පෙන්ටගනය විසින් සඳහන් කරන ලද ඉලක්කයක් වෙතය. එක්සත් රාජධානි ආරක්ෂක අමාත්‍යංශයට අනුව හොම්ස් නගරය ආසන්නයේ වූ හමුදා පරිශ්‍රයක් වූ එය රසායනික අවි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැස් කර ඇති ස්ථානයක් ලෙස විශ්වාස කෙරේ.

ප්‍රහාරවලට ප්‍රංශ දායකත්වය ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් විසින් තහවුරු කරනු ලැබිණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

"මිනිසුන්, ගැහැනුන් හා ළමයින් ගණනාවක් රසායනික අවිවලින් ඝාතනය කරලා " යැයි පවසමින් පසුගිය සතියේ ඩුමා නගරයේ හටගත් තත්ත්වය ගැන කතා කළ ජනාධිපති මැක්‍රෝන් "රතු ඉර පැනලා" යනුවෙන් ද කියා සිටියේය.

ඩුමා ප්‍රහාරය සිරියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබද්දී එරටට හිතවාදී රුසියාව අනතුරු අඟවමින් කියා සිටියේ බටහිර රටවල හමුදා ප්‍රහාර යුද්ධයක් අරඹනු ඇති බවකි.

සිරියාවේ අදාළ ප්‍රහාරය එල්ල වුවායැයි සැලකෙන ස්ථානය වෙත රසයානික අවි තහනම් කිරීම පිළිබඳ සංවිධානය (OPCW) විසින් තොරතුරු රැස්කිරීමේ පිරිසක් පිටත් කර හරිනු ලැබ ඇති අතර එම පරීක්ෂකයින් සෙනසුරාදා සිය විමර්ශන ඇරඹීමට නියමිතය.

දෙගුණයක් වූ මිසයිල ප්‍රහාර

රොයිටර් පුවත් සේවයට කරුණු දැක්වූ ඇමෙරිකානු නිලධාරියෙක් කියා සිටියේ සිරියාවේ ප්‍රහාර සඳහා ටොමහෝක් මිසයිල භාවිත කෙරුණු බවකි.

ආරක්ෂක ලේකම් මැටිස් පැවසුවේ, පුද්ගලයින් 80 ට වැඩි දෙනෙකුට මරු කැඳවමින් ඛාන් ශෙයිඛුන් නගරයට රසායනික ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව 2017 අප්‍රේල් මාසයේදී එල්ල කෙරුණු මිසයිල ප්‍රහාරයට වඩා මෙම ප්‍රහාරය "දෙගුණයක්" වූ බවය.

ටොමහෝක් කෘස් මිසයිලයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ටොමහෝක් කෘස් මිසයිලයක්

බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කොටගත් සිරියානු මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂනායතනය පැවසූ පරිදි පෙන්ටගනය පෙන්වා දුන් ඉලක්ක ප්‍රමාණයට වැඩ වැඩි ඉලක්ක ගණනකට ප්‍රහාර එල්ල වී තිබේ.

පෙන්ටගනය පෙන්වා දුන් ඉලක්ක ප්‍රමාණයට වැඩ වැඩි ඉලක්ක ගණනකට ප්‍රහාර එල්ල වී තිබේ.

"විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථාන, හමුදා කඳවුරු කීපයක් සහ දමස්කස් අගනුවර හා ඒ අවට පිහිටි ජනරජ හමුදා සහ හතරවෙනි සනාංකයේ කඳවුරුවලටද ප්‍රහාර එල්ල වුණා" යනුවෙන් එම ආයතනය පැවසීය.