ඇමරිකාවේ 'යූටියුබ්' මූලස්ථානය වෙඩි ප්‍රහාරයකට ලක්වුයේ ඇයි?

America

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යූටියුබ් මුලස්ථානය

කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි 'යූටියුබ්' (YouTube) මූලස්ථානයට ඇතුළු වූ කාන්තාවක් පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇත.

තිස්නව හැවිරිදි නසීම් අග්දම් නමැති කාන්තාවක් ඒ සම්බන්ධයෙන් සැක කෙරෙන අතර, 'යූටියුබ්' අඩවියේ ඇය පවත්වාගෙන ගිය පෞද්ගලික ගිණුමක් ඔස්සේ ප්‍රචාරය කළ වීඩියෝ පට එම ආයතනය විසින් නිරීක්ෂණය කර ඉවත් කරනු ලැබීම වෙඩි තැබීමට හේතු වන්නට ඇතැයි මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

'යූටියුබ්' ආයතනය තම වීඩියෝ ඉවත් කිරීමෙන් පසු ඉන් ලැබෙන ආදායම අඩු වීම නිසා නසීම් කෝපයට පත් වී සිටි බවත් ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

එම වෙඩි පහරින් තිස් දෙහැවිදිරි සහ විසිහත් වියැති කාන්තාවන් දෙදෙනෙකු සහ තිස්හය වියැති පුරුෂයෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රහාරක කාන්තාවත් එම ස්ථානයේදීම වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත.

තුවාල ලද තිස්හය වියැති පුද්ගලයා මේ වන විට අසාධ්‍ය තත්වයේ පසු වන බව වාර්තා වෙයි.

තුවාල ලැබූ පුද්ගලයන් සහ ප්‍රහාරක කාන්තාව අතර කිසිදු ආරාවුලක් මේ වන තෙක් සොයා ගෙන නොමැති බව කැලිෆෝනියාවේ 'සැන් බෘනෝ' පොලිසිය පවසයි.

America

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/@ERINJEANC/VIA REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙඩි තැබීමෙන් පසු ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණෙන පිරිස.

'නසීම් අග්දම්'

ඇය ජීවත් වූයේ කැලිෆෝනියාවේ 'සැන් දීගෝ' නගරයේය.

ඇය පෞද්ගලික 'යූටියුබ්' නාලිකාවක් සහ වෙබ් අඩවියක් ඔස්සේ සත්ත්ව හිංසනය ඇතුළු විවිධ මාතෘකා ගැන වීඩියෝ පට ප්‍රචාරය කර ඇති බවට ඇමරිකානු මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ වෙතත්, පොලීසිය ඇය ගැන වැඩි දුර විස්තර හෙළි කර නොමැත.

ඇමරිකාව

ඡායාරූප මූලාශ්‍රය, NASIM AGHDAM

ඡායාරූප ශීර්ෂ වැකිය, යූටියුබ් ආයතනය තම වීඩියෝ ඉවත් කිරීමෙන් පසු ඉන් ලැබෙන ආදායම අඩු වීම නිසා නසීම් කෝපයට පත්ව ඇත.

ඇය මස් මාංශ ආහාරයට නොගෙන තම ශරීරයේ මස් පිඬු වර්ධනය කර ගන්නා කාන්තාවක් ලෙස මෙන්ම කලාකාරිනියක් සහ 'රැප්' ගායිකාවක් ලෙසද හඳුන්වනු ලබයි.

ඇය විසින් පවත්වා ගෙන ගිය 'නසීම් වොන්ඩර්1' (Nasime Wonder1) 'යූටියුබ්' නාලිකාවේ පන්දහසකට ආසන්න ග්‍රාහකයන් පිරිසක් සිට ඇත. නමුත් ඇයගේ වීඩියෝ වෙනත් 'යූටියුබ්' නාලිකා ඔස්සේද ප්‍රචාරය වී තිබුණි.

'යූටියුබ්' ආයතනය මඟින් තම වීඩියෝ ඉවත් කරන බව පවසමින් 2017 ජනවාරි මස නසීම් අග්දම් තවත් වීඩියෝවක් ප්‍රචාරය කර ඇතත් එය නරඹා ඇත්තේ සුළු පිරිසකි.

සිය වීඩියෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් 'යූටියුබ්' ආයතනයට ඇය කීප අවස්ථාවකදීම චෝදනා කර ඇත.

'යූටියුබ්' ඇතුළු වෙනත් කිසිම වීඩියෝ වෙබ් අඩවියක් සියලු දෙනාටම එක හා සමානව ඉදිරියට එන්න දෙන්නේ නැහැ. ඔබේ නාලිකාව ඉදිරියට එන්නේ ඒ අයට අවශ්‍යනම් විතරයි," නසීම් වෙබ් අඩවියක පළ කර තිබුණි.

'යූටියුබ්' ආයතනය ඇයගේ වීඩියෝ සදහා ගෙවීම් නතර කළ නිසා නසීම් කෝපයෙන් පසු වූ බව ඇයගේ පියා, ඉස්මයිල් සඳහන් කර ඇත.

America

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගොඩනැගිල්ල තුළ සෝදිසි මෙහෙයුම්වල යෙදෙන පොලිස් නිලධාරීන්

සිය 'යූටියුබ්' වීඩියෝවක් නැරඹීමට ප්‍රථම ග්‍රාහකයන් නරඹන වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් ලැබෙන ආදායමෙන් කොටසක් අදාළ වීඩියෝව හිමිකරුට ගෙවනු ලැබේ.

එය ඇමෙරිකානු ඩොලරයක සිට ඩොලර් පහක් දක්වා වූ මුදලක් විය හැකිය. නමුත් මෙම වෙළඳ දැන්වීම් අදාළ වීඩියෝවෙන් ඉවත් කර, එම වීඩියෝවට "මුදල් නොගෙවා සිටීමට" ආයතනයට හැකිය. නසීම්ද මෙම තත්වයට මුහුණ දී ඇත්දැයි තවමත් පැහැදිලි නැත.

ඇය "යූටියුබ් ආයතනයට වෛර කළා" යැයි පියා පොලිසියට පැවසීය.

මේ තොරතුරුද දැනගන්න:

වෙඩි තැබීමෙන් පසු නසීම්ගේ යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ගිණුම් සියල්ල ඉවත් කිරීමට කටයුතු කර ඇත.

නමුත්, නසීම් යූටියුබ් ආයතනයට චෝදනා නඟන ෆේස්බුක් වීඩියෝවක් බොහෝ දෙනකු විසින් ඔවුන්ගේ ට්විටර් ගිණුම් ඔස්සේ පළ කර තිබුණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

වෙඩි තැබීම සිදු වූයේ කෙසේද?

අඟහරුවාදා (03) දින 'සැන් බෘනෝ' ප්‍රදේශයේ පිහිටි 'යූටියුබ්' මූලස්ථානයේ සේවකයන් දහවල් ආහාරය ලබා ගන්නා ස්ථානයට පිටත පිහිටි දොරකින් ඇතුළු වූ නසීම් ඉහත කී වෙඩි තැබීම සිදු කර ඇත.

එක් පුද්ගලයකු වෙඩි වැදී එම ස්ථානයේම වැටී සිටි අතර අනෙක් තුවාලකරුවන් දෙදෙනා ගොඩනැගිල්ලෙන් පිටත පිහිටි වෙළෙදසැල් වෙත දුව ගොස් රැඳී සිටි බව පොලීසිය ප්‍රකාශ කර සිටී.

Map

වෙඩි පහරින් තුවාල ලද තවත් කාන්තාවක් (නසීම්) ගොඩනැගිල්ල තුළ මිය ගොස් සිටි අතර, ඇය සියදිවි හානි කරගෙන ඇති බවට විශ්වාස කරයි.

'යූට්යුබ්' සේවකයන් කීපදෙනෙකු සිද්ධිය පිළිබද විස්තර තම ට්විටර් ගිණුම්වල පළ කර තිබුණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ කලබලයට පත් පිරිස් ගොඩනැගිල්ලෙන් ඉවතට දිව යන ආකාරය දුටු බව නිෂ්පාදන කළමනාකරු ටොඩ් ශර්මන් පැවසුවේය.

'යූටියුබ්' මූලස්ථානයෙහි සේවකයන් පිරිස 1,700 කට ආසන්නය. මෙහි හිමිකාරිත්වය දරන්නේ 'ගූගල්' ආයතනය වන අතර කැලිෆෝනියා ප්‍රදේශයේ පිහිටි විශාලතම සේවායෝජකයා වේ.

මෙවැනි "වෙඩි තැබීම්" මින් පෙර බොහෝ විට සිදු කර ඇත්තේ පුරුෂයන් විසිනි. 2000 - 2013 වර්ෂ අතර වාර්තා වුණ සිද්ධීන් 160 ක් අතරින් කාන්තාවන් විසින් සිදු කළ වෙඩි තැබීම් ඇත්තේ හයක් පමණක් බව ඇමරිකානු රහස් ඔත්තු සේවා වාර්තාවක සටහන් වී ඇත.

Map

තවත් තොරතුරු: