සංජේ දත්; රසිකාවියගේ ත්‍යාග ප්‍රතික්ෂේප කරන බොලිවුඩ් තරුව

ඡායාරූප මූලාශ්‍රය, AFP
නිශී හරිස්චන්ද්‍ර නම් රසිකාව තමා සතු මුදල් හා වටිනා ආභරණ ආදියෙහි මතු අයිතිය සංජේ දත්ට පවරන බව ලියා තබා ඇතත් තමන්ට ඇය හමුවී නැතැයි පවසන සුප්‍රකට බොලිවුඩ් නළු සංජේ දත් මියගිය සිය රසිකාවියකගේ බැංකු ඉතිරි කිරීම් සහ ආභරණ බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
සංජේ දත්ගේ රසිකාවියක් වූ මුම්බායි හි ජීවත්වූ 62 හැවිරිදි නිශි හරිස්චන්ද්‍ර ජනවාරියේ මිය ගියාය.
ඇය තමන්ගේ මුදල් හා බැංකු සේප්පුවේ ඇති ආභරණ ආදියෙහි අයිතිය සංජේ දත්ට පවරන බව සටහන් කර ඇති බව බැංකුව පසුගිය මාසයේ ඔහුට දන්වා ඇත.
"රසිකාවියගේ හැසිරීම පිළිබඳව සිතා ගැනීමටවත් නොහැකි" අතර ඇගේ වස්තුව තමාට බාරගත නොහැකි බව සන්ජේ දත් අදාළ බැංකුවට දැනුම් දී ඇත.
බොලිවුඩයේ ධනවත්ම නළුවකු වන සංජේ දත්, සීයකට අධික චිත්‍රපට සංඛ්‍යාවක රඟපා ඇත.
නිශී හරිස්චන්ද්‍ර ඇය සතු ඉතිරි කිරීම් සහ ආරක්ෂිත සේප්පුවල තිබූ ආභරණ ආදියෙහි අයිතිය තමාට පවරා ඇති බව බැංකුව දැනුම් දීමෙන් සංජේ දත් පුදුමයට පත් විනැයි ඔහුගේ නීතීඥයා බීබීසීයට ප්‍රකාශ කළේය.
බැංකුව තොරතුරු සපයා නැති හෙයින් තමාට එහි "වටිනා කම් පිළිබඳව අදහසක් නොමැති බව" නීතිවේදියා පවසයි.
"රසිකාවියගේ හැසිරීම පිළිබඳව අපි මහත් පුදුමයට පත්වුනා, ඒ වගේම ඇයට අතිශයින්ම කෘතඥ වෙනවා. මම පෞද්ගලිකව ඇය නොහඳුනන අතර කිසි දිනෙක හමු වී නැහැ. ඉතින් ඇගේ ගිණුම් සහ ආරක්ෂිත තැන්පතුවල හිමිකරු වශයෙන් නම් කරනු ලැබූ තැනැත්තා ලෙස මම මගේ අයිතිය අත්හරිනවා." දත් බැංකුවට ප්‍රකාශ කළ බව ඔහුගේ නීතීඥයා පවසයි.
තමන් බැංකුව සමග අදහස් හුවමාරු කරගත් බවත්, ඔවුන් "ඇයගේ පවුලේ අයට එම මුදල් සහ ආභරණ ලබාදීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවත්" ඔහු වැඩිදුරටත් පැවසීය.
ඇය අසාධ්‍ය රෝගයකින් පෙළෙමින් සිට මියගිය බව 'ද මුම්බායි මිරර්' (The Mumbai Mirror) පුවත්පත වාර්තා කරයි.
වෙනත් පුවත්:








