හිස් ආවරණ ගැලවූ ඉරාන තරුණිය 'නිදහස්'

ඡායාරූප මූලාශ්‍රය, unknown
ඉරානයේ ටෙහ්රාන් අගනුවරදී සිය හිස් ආවරණය ගලවා කෝටුවක ගැටගසා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉරාන ජාතික කාන්තාව නිදහස් කරන ලද බව මානව හිමිකම් නීතිවේදිනියක් පවසයි.
පසුගිය දෙසැම්බර් මාසයේ ඇය දියත්කළ උද්ඝෝෂණයත් සමග ඇයගේ ඡායාරූප සමාජ ජාලා ඔස්සේ ප්‍රබල සංවාදයකට තුඩු දුන්නේය.
ඇයගේ විරෝධතාව හෝ ඇය අත්අඩංගුවට ගැනීම ගැන ඉරාන බලධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශකොට නැත.
මේ අතර එවැනිම උද්ඝෝෂණයක් දියත් කළ තවත් කාන්තාවන් දෙදෙනෙක් දැන් සමාජ මාධ්‍ය ජාලවල සංවාදයට බඳුන් වී සිටිති.
ඔවුන් දෙදෙනාත් සිය උද්ඝෝෂණය දියත් කරනු ලැබුවේ ටෙහ්රාන් අගනුවරදීය.
තවත් කියවන්න:
පසුගිය දෙසැම්බරයේ උද්ඝෝෂණය දියත් කළ කාන්තාව නිදහස් කරන ලද බව දැක්වෙන නිල ලිපියක් දක්නට ලැබුන බව නීතිවේදිනී නස්රීන් සොටොවුදේ (Nasrin Sotoudeh) පවසයි.
"එන්ග්හෙලබ් වීදියේ (Enghelab Avenue) තරුණිය නිදහස් කර ඇත," යනුවෙන් හිටපු දේශපාලන සිරකාරිනියක වන නීතිවේදිනිය ඉරිදා සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණි.
ඉහත කී තරුණිය සිය හිස් ආවරණය ගලවා උද්ඝෝෂණය දියත් කළේ අගනුවර එන්ග්හෙලබ් වීදියේ දීය.
1979 විප්ලවයෙන් පසුව, කාන්තාවන් සිය හිස් ආවරණ නොපැළඳීම ඉරානයේ දඬුවම් ලැබිය හැකි වරදකි.








