ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රෝහින්ග්‍යා අර්බුදය: මියන්මාරය සහ බංග්ලාදේශය එකඟතාවක
හමුදා මෙහෙයුම් හමුවේ පළා ආ ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් යළි මියන්මාරය වෙත ගෙන යාම සඳහා වන කාලරාමුවකට එකඟ වූ බව බංග්ලාදේශය පවසයි.
සෑම සතියකදීම රෝහින්ග්‍යා සරණාගතයන් 1,500 භාර ගැනීම සඳහා මියන්මාරය එකඟ වූ බව බංග්ලාදේශය කියා සිටියේය.
බංග්ලාදේශය වැඩිදුරටත් සඳහන් කළේ වසර දෙකක් ඇතුළත සියලුම රෝහින්ග්‍යා සරණාගතයන් මියන්මාරය වෙත පිටත් කර හැරීම සිය ඉලක්කය බවය.
2017 වසරේ අගෝස්තු අග භාගයේ දී රඛයින් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා හටගැනීමත් සමග රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් හයලක්ෂ පනස් දහසක් පමණ අසල්වැසි බංග්ලාදේශය වෙත පළා ගියහ.
එම ජනයා බලහත්කාරයෙන් ඔවුන්ගේ මව්රට වෙත පිටත් කර යැවීමේ උත්සාහයක් පිළිබඳ ආධාර සංවිධානවල අවධානය යොමු කර තිබේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි සරණාගතයන් නැවත මියන්මාරය වෙත රැගෙන යාම ආරම්භ කරන දිනයක් පිළිබඳ ගිවිසුම තුළ විශේෂ සඳහනක් නොමැත.
නමුත් නැවත මව්රට බලා පැමිණෙන සරණාගතයන් වෙත මියන්මාරය විසින් තාවකාලික නවාතැන් ලබා දෙනු ඇති බවත් පසුව ඔවුන් සඳහා නිවාස ඉදිකර දෙනු ඇති බවත් එහි සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ අර්බුදයට හේතු පාදක වූ කරුණුවලට මියන්මාරය විසඳුම් ලබා දිය යුතු බවය.
එමෙන්ම සරණාගතයන් යළි සිය මව්රට වෙත පැමිණිය යුත්තේ එය ආරක්‍ෂිත යයි හැඟුණු පසු පමණක් බවත් ඉහත කී ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
රෝහින්ග්‍යා අසියන් යළි සිය ගම්බිම් කරා රැගෙන ඒම සම්බන්ධයෙන් මියන්මාරය සහ බංග්ලාදේශය පසුගිය නොවැම්බර් මාසයේ දී එකඟතාවකට පැමිණියහ.
ඒ සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳ අවසන් තීරණයකට පැමිණීම සඳහා දෙරටේ බලධාරීහු මියන්මාරයේ නේපිඩෝ අගනුවරදී හමුවිය.
බංග්ලාදේශ විදේශ ලේකම් සහිදුල් හක් බීබීසී බංග්ලා සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මියන්මාර ආණ්ඩුව විසින් සෑම සතියක් තුළදීම රෝහින්ග්‍යාවරුන් 1,500 භාර ගත යුතුව ඇති බව සිය රජයේ ස්ථාවරය වූ බවය.
ඒ අනුව දිනකට 300 දෙනෙකු බැගින් සතියකට 1,500 දෙනෙකු යළි මියන්මාරය වෙත භාර දීම සිය රජයේ අවශ්‍යතාව බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මාස තුනකට පසු අදාළ ගිවිසුම පිළිබඳ දෙරට විසින්ම සමාලෝචනයක් සිදු කරනු ඇති බවත් ඔහු කියා සිටියේය.
සබැඳි යොමු: