මෝචිගේ දිව ගිනස් පොතට
'මෝචි' ජීවත්වන්නේ එක්සත් ජනපදයේ දකුණු ඩකෝටා ප්‍රාන්තයේ ය. දැන් ඇයගේ වයස අවුරුදු අටකි.
මේ බලු සුරතලියගේ නම ගිනස් ලෝක වාර්තා පොතට එක් විය. ඒ මිහිපිට සිටින 'දිගම දිව සහිත සුනඛයා' ලෙසිනි.
ඇය කාත් කවුරුත් නොමැතිව අසරණව සිටියදී සත්ව ක්‍රියාධරයන් විසින් බේරාගනු ලැබ, සත්ත්ව අනාථාගාරයක සෙවන ලැබුවාය.
කලකට පසු, මෝචි තම නිවසට රැගෙන ගොස් රැකබලා ගැනීමට කාලා රිකට් ඉදිරිපත් වුනාය. මෝචි, කාලාගේ නිවසට පැමිණ දැන් වසර හය හමාරක් පමණ ගතවී හමාරය.

"අනාථාගාරයක සිටි මෝචි අපි ළඟට ඇවිත් අවුරුදු හය හමාරක් වෙනවා. ඇගේ දිව අඟල් හතයි දශම තුනක් දිගයි." කාලා රිකට් පවසන්නීය.
මෝචිගේ ඡායාරූප ගිනස් ලෝක වාර්තා පොතේ පිටු අතරට එක්විය.
"ගිනස් වාර්තා පොත පෙරළලා බලනකොට මෝචිගේ පින්තූර අපි දැක්ක. එතකොට අපිට හරිම ආඩම්බරයක් දැනෙනවා," යැයි මෝචිගේ භාරකාරිය වන කාලා කියා සිටියාය.
අඟල් 7.3ක් (සෙන්ටිමීටර 18.6ක්) දිගින් යුත් දිවක් සහිත මෝචි විසින් නිවස පුරා හළනු ලබන ඛේඨය පිසදමා පිරිසිදු කිරීමට වසර හය හමාරක් තිස්සේ වූ මහන්සිය අපතේ නොගිය බව ඇය සතුටින් පවසන්නීය.