හුදෙකලා මිටියාවතේ ග්ලැසියර තනන්නෝ

වීඩියෝ ශීර්ෂ වැකිය, හුදෙකලා මිටියාවතේ ග්ලැසියර තනන්නෝ

මිටියාවත හරහා වැටුණු පාලමක් මත ගමන්කරමින් සිටිය දී සෝනම්ට අපූරු අදහසක් පහළ විය.

"මම දැක්ක පාලම යට අයිස් මිදිලා තියෙනවා. එතන මුහුදු මට්ටමින් මීටර 3000ක් විතර උස ස්ථානයක්. එතන තමයි මේ පළාතේ පහළම සහ උණුසුම් ම ස්ථානය. ඒ මැයි මාසයක. මම කල්පනා කළා ඉර එළියට අයිස් දියවීම ගැන. ඒත් අපිට පුළුවන්නම් කෙලින්ම ඉර එළිය වැටෙන එක වළක්වා ගන්න අයිස් ටික ආරක්ෂා වෙනවා." සෝනම් අතීතය සිහිපත් කළේය.

ලෝකයේ ශීතලම මිටියාවතක ශීත සෘතුවක මධ්‍යම රාත්‍රිය කි. මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30 (-22F) දක්වා පහළ බසිනු ඇත.

BBC

bbcinnovators

#BBCInnovators

හිමාල අඩවියේ ඉන්දීය කලාපයේ, ලදාඛ් මිටියාවතට දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රැස්වුණේ එහි වෙසෙන ගැමියන් මුහුණ දෙන ජල අර්බුදයට විසඳුමක් ලබා දීමේ අටියෙනි.

ඔවුහු කෘත්‍රිම ග්ලැසියර ඉදි කරති. වසරේ මුල් භාගය තුළ මේ ග්ලැසියර දියවී ගැමියන්ගේ වගාවන්ට අවැසි ජලය ලැබෙනු ඇති බව මොවුන්ගේ අපේක්ෂාවයි.

මේ ග්ලැසියර නිර්මාණය පිටුපස සිටින ඉංජිනේරුවා සෝනම් වාන්ග්චුක් ය. තමන් උපත ලද මිටියාවතේ වැසියන් මුහුණ දෙන මේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමේ අටියෙන් ඔහු වසර කිහිපයක් පුරා වෙහෙසුනේය.

"අපි පුරුදුවෙලා ඉන්නේ දිල්ලි නුවර හෝ නිව්යෝර්ක් නුවරින් ගෙනෙන විසඳුම් භාර ගන්න. නමුත් මම විශ්වාස කරනවා මේ කඳුකරයේ ප්‍රශ්නවලට කන්දේ ඉන්න අපිටම විසඳුම් සොයා ගත හැකියි කියල." යනුවෙන් ඔහු පැවසීය.