"රැවුල වවන්න අවසරයි"

.

උඩ රැවුල ඉන්දීය සමාජයේ ප්‍රභූ සංකේතයකි
ඡායාරූප ශීර්ෂ වැකිය, උඩ රැවුල ඉන්දීය සමාජයේ ප්‍රභූ සංකේතයකි

උඩ රැවුල (moustaches) වැවීමට ඇති අයිතිය ඉල්ලා මහජන උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කරමින් සිටින බව බටහිර ඉන්දියාවේ පීඩිත කුල ක්‍රියාකාරිකයෝ කියා සිටිති.

එම ක්‍රියාධරයන්ගේ තවත් අරමුණක් වන්නේ 'දලිත්' පීඩිත කුලයට((untouchable caste)අයත් ජනතාව ඉලක්ක කරමින් සිදු කරන ලද පහරදීම් වලට විරෝධය පළ කිරීමයි.

උඩ රැවුල වැවීමේ වරදට කුලීන යයි සම්මත කණ්ඩායමක් විසින් තමාට පහර දෙන ලද බව පවසමින් දලිත් තරුණයෙක් පසුගියදා ඉන්දීය පොලිසියට පැමිණිලි කර තිබුණි.

එම ප්‍රහාරකයන් විසින්ම අඟහරුවදා රාත්‍රියේ අදාළ දලිත් තරුණයාගේ ඥාති සහෝදරයකුට පිහි ප්‍රහාරයක් එල්ල කර ඇති බවක් ද වාර්තා වෙයි.

ප්‍රහාරකයන් ඉන්දීය කුල ධූරාවලියේ "රාජ්පුත්" කුලයට අයත්වූවන් කණ්ඩායමක් යයි පැවසෙයි.

කුල පීඩනයට එරෙහි දලිත් විරෝධතා ව්‍යාපාරයක්

ඡායාරූප මූලාශ්‍රය, Press trust of India

ඡායාරූප ශීර්ෂ වැකිය, කුල පීඩනයට එරෙහි දලිත් විරෝධතා ව්‍යාපාරයක්

එම සිද්ධීන් නිසා කෝපයට පත් දලිත් කණ්ඩායම් උඩු රැවුල් සහිත සිය පින්තූර සමාජ මාධ්‍ය ජලයේ පළ කරමින් ඊට ප්‍රතිචාරය පළ කරන්නට පටන් ගෙන ඇත.

සාම්ප්‍රදායික පිළිගැනීම අනුව උඩ රැවුල ඉන්දීය සමාජය තුළ පුද්ගලයකුගේ තත්වය සහ බලය කියාපාන සංකේතයකි.

ප්‍රහාරයට ලක් වූ ඉහත කී දලිත් තරුණයන් වෙනුවෙන් සහයෝගය පළ කෙරෙන ප්‍රකාශන සහ දැන්වීම් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී.

"උඩ රැවුල වැවුවත් 'රාජ්පුත්' බවට පත්විය නොහැකි යයි පවසමින් ඔවුන් මට පොල්ලකින් පහර දුන්නා" පහර කෑමට ගොදුරු වූ තරුණයා පවසයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් සාමජ මාධ්‍ය ජාලයේ සටහනක් තබන තැනැත්තෙක් "සෑම දලිත් තරුණයකු විසින්ම ලස්සන උඩ රැවුලක් වැවිය යුතුව ඇතැයි" යෝජනා කළේය.

අපි අපේ රැවුල වවනවා - දලිත් තරුණයන් කණ්ඩායමක්
ඡායාරූප ශීර්ෂ වැකිය, අපි අපේ රැවුල වවනවා - දලිත් තරුණයන් කණ්ඩායමක්

ගුජරාත් ප්‍රාන්තයේ පෞද්ගලික පාසලක ගුරුවරයකු වන මයූර් වධීර් (Mayur Vadher) බීබීසියට අදහස් දක්වමින්, දලිත් තරුණයාට පහර දීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා සිය WhatsApp පින්තූරයේ වෙනසක් සිදු කළ බව කියා සිටියේය.

"අද බොහෝ 'දලිත්' තරුණයන්ගේ ජීවිතවල විශාල වෙනසක් තියෙනවා. ඔවුන් හොඳින් අධ්‍යාපනය ලබනවා. හොඳට ලස්සනට අඳිනවා" එම ගුරුවරයා පවසයි.

එම වෙනස බලා සිටීමට බැරි තවමත් කුල ක්‍රමය අදහන පුද්ගලයන් දලිත් වරුන්ට පහර දීම අනුමත කරන්න බැහැ" මයූර් වධීර් (Mayur Vadher) වැඩිදුරටත් කියා සිටියේය.

දලිත් කුල පීඩිතයන්ගේ ඉරණම ඉන්දීය සමාජයේ නිතරම මාධ්‍ය ඇස යොමු වෙන විෂයයකි.

හින්දු නැටුමක් බැලීමේ වරදට මරා දමන ලද දලිත් තරුණයා
ඡායාරූප ශීර්ෂ වැකිය, හින්දු නැටුමක් බැලීමේ වරදට මරා දමන ලද දලිත් තරුණයා

පසුගිය ඉරිදා 'දුෂේහ්රා' (Dussehra) හින්දු උත්සවය වෙනුවෙන් ගුජරාත් ප්‍රාන්තයේ පැවැත්වුන රැඟුමක් බලා සිටීමේ වරදට දලිත් කුල පීඩිතයකුට මැරෙන තෙක් පහර දීමේ සිද්ධියක් වාර්තා විය.

'සහරාන්පූර්' (Saharanpur) ප්‍රදේශයේ ජීවත් වෙන පීඩිත කුල ජනයාට එරෙහිව සිදු කෙරෙමින් ඇති පහර දීම් වලට විරෝධය පළ කරමින් පසුගිය මැයි මාසයේ දහස් සංඛ්‍යාත දලිත් ජනතාව දිල්ලි අගනුවර විරෝධතා ව්‍යාපාරයකට එක්ව සිටියහ.

සබැඳි පුවත්;