'රණවිරුවන් සහ මිනීමරුවන්' ගැන යුද හමුදාපති

වීඩියෝ ශීර්ෂ වැකිය, 'රණවිරුවන් සහ මිනීමරුවන්' ගැන යුද හමුදාපති

හමුදා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් දඩයමක් ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

යුද හමුදාපතිවරයා ඒ බව කියා සිටියේ අද (අගෝස්තු 04) මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.