මළ දියණියගේ 'නොමළ හද' ළඟ වැළපෙන පියෙක්
මියගිය සිය දියණියගේ හදවතේ කම්පනය අසා පියෙකු වැළපෙන සංවේදී අවස්ථාවක සේයා රූ ඇමෙරිකාව පුරා මේ දිනවල ව්‍යාප්තවෙමින් පවතී.
බිල් කොනර් නම්වූ එම පුද්ගලයා ඇමෙරිකාවේ විස්කොන්සින් හි සිට සිය දියණියගේ හදවතේ කම්පනය ඇසීමට ලුයිසියානා ප්‍රාන්තය වෙත සැතපුම් දහස් ගණනක් මග ගෙවූයේ පාපැදියෙනි.

ඡායාරූප මූලාශ්‍රය, MARY KLEMENOK
ලූමන්ත් ජැක් නම් වූ පුද්ගලයාගේ පපුවට ස්ටේතස්කෝපය තබා සිය දියණියගේ හදවතේ ගැස්ම ඇසූ මොහොතේ බිල් කොනර්ට සිය කඳුළු සඟවාගත නොහැකි විය.
ඇබී කොනර් නම්වූ තරුණිය මිය යාමෙන් අනතුරුව ඇයගේ හදවත ලූමන්ත් ජැක් සතුවුයේ ඇය අවයව පරිත්‍යාගශීලියකු වූ බැවිනි.
හෘදයාබාධයකින් පෙළුණු ජැක්ට සිය ජීවිතයේ ඉතිරිව තිබුනේ තවත් දින කිහිපයක් පමණක් වුවත් ඇබීගේ පරිත්‍යාගශීලීත්වය ඔහුට ජීවිතය පිළිබඳ තවත් බලාපොරොත්තු එක් කළේය.
"මගේ දුව නිසා ඔහු ජීවත්වෙනවා කියන එක දැනගත්තහම මට දැනුන මගේ දුව ඔහු තුළ ජීවත්වෙනවා කියලා. ඔහු තුළ තිබෙන්නේ ඇයගේ හදවතයි." බිල් කොනර් සීබීඑස් පුවත්වලට පැවසීය.
"මට ඔහු ගැනත් ඔහුගේ පවුල ගැනත් සතුටුයි. ඒ වගේම, මගේ දුව සමග එක්වන්නට ආයෙමත් මට අවස්ථාවක් ලැබුනා." යැයි ද ඔහු කීය.


අවුරුදු 16 දී අවයව පරිත්‍යාග කරයි
පසුගිය ජනවාරි මාසයේදී මෙක්සිකෝවේ කැන්කුන් සංචාරක නිකේතනයේ නිවාඩුවක් ගතකරමින් සිටි ඇබී සහ ඔහුගේ සොයුරා සිහිසුන් තත්ත්වයෙන් පිහිනුම් තටාකයක සිටියදී සොයා ගනු ලැබූහ.

ඡායාරූප මූලාශ්‍රය, GO FUND ME
පසුව ෆ්ලොරිඩා වෙත ගෙනෙන ලද ඇයව ජීව ආධාරක මත රඳවා තැබුණේ වෛද්‍යවරුන්ට ඇයගේ අවයව වෙනත් ඇයට බද්ධකිරීම සඳහා හැකියාව ලැබෙන තෙක්ය. එම සිද්ධියේදී ඇබීගේ සොයුරාගේ ජීවිතය ගැලවුණි.
බිල් කොනර් පවසන පරිදි ඇබී සිය අවයව පරිත්‍යාග කිරීමේ තීරණයට එළඹෙනවිට ඇයගේ වයස අවුරුදු 16කි.
ඔහු පෙන්වා දුන්නේ ඇය කවදත් මිතුරන් ඇතුළු උපකාර අවශ්‍ය ඕනෑම අයෙකු වෙනුවෙන් ඉදිරිපත්වූ බවය.

ඡායාරූප මූලාශ්‍රය, GO FUND ME
අවයව පරිත්‍යාගකිරීමේ වැදගත්කම පන්වාදීම සඳහා පාපැදි ධාවනයක් ඇරඹීමට තීරණය කළ ඇබීගේ පියාවන බිල් කොනර්ගේ අරමුණ වුයේ කිලෝමීටර 4,000ක ( සැතපුම් 2,600) මග ගෙවා දමමින්, සිය දියණියගේ සිරුර තබා තිබු ෆ්ලොරිඩා හි බ්‍රෝවෝර්ඩ් සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ළඟා වීමය.

ඡායාරූප මූලාශ්‍රය, MARY KLEMENOK
එහෙත් ගමනෙන් කිලෝමීටර 2,250ක් (සැතපුම් 1,400) පමණට ළඟාවද්දී ඔහුට දැනගැනීමට ලැබූනේ සිය දියණියගේ හදවත සමගින් ජීවත්වන ජැක්, පියවරුන්ගේ දිනයේදී හමුවීමේ අවස්ථාවක් ඇති බවකි.
ඇබීගේ අවයව ලැබූ සිව්දෙනෙකුට ලිපි යවා තිබූ ඇයගේ සිරුර භාරයේ තබා සිටි සායනය ඔවුන්ගෙන් ඉල්ලා තිබුනේ බිල් කොනර් හමුවෙන ලෙසය. ඇබීගේ හදවත ලැබීමට පෙර ඉතා වේගයෙන් සිය හදවතේ පැවැත්ම පිරිහීමට ලක්ව සිටි ජැක් ද ඔවුන් සිව් දෙනාට අයත්විණි.
"ඇය මට ජීවිතය දුන්නා. ඕන වුණත්, මට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ" යැයි කියා සිටි ජැක්, "කරන්නට පුළුවන් එකම දේ තමයි, ඇයගේ පවුලට මගේ ආදරය පිරිනැමීම" බව සඳහන් කළේය.
බීබීසී වෙත අදහස් දැක්වූ ලුයිසියානාහි අවයව ලබාගැනීමේ ආයතනයේ ප්‍රකාශිකා මේරි ක්ලෙමෙනොක් පැවසුවේ ඇබීගේ පියා සහ ජැක් හමුවූ අවස්ථාව අතිශයින්ම හැඟුම්බර වූ බවය.
"බිල්ට තමන්ගේ දුවගේ හදවතේ ගැස්ම අහන්නට ලැබුණා. ඔහු ඒ හඬ පටිගත කරගත් නිසා ඔහුගේ ජීවිත කාලය පුරාම එය ඔහු ළඟ තබාගන්නට හැකි වේවි. එය සැබවින්ම අපූරුයි" ඇය පැවසුවාය.









