ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීනය මධ්‍යම ඇමෙරිකාව දෙසටත්
තායිවානය සමඟ දශක ගණනාවක් සන්ධානගතව සිටි මධ්‍යම ඇමෙරිකානු රටක් වන පැනමාව ඉන් වෙන්කොට තමන් සමඟ සබඳතා තහවුරු කර ගැනීම මගින් චීනය විශාල රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් ලබා ඇත.
රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ තමන් මුහුණ දී සිටින නව තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන තායිවානය "තමන් බේජිං පාලනයේ රාජ්‍යතාන්ත්‍රික සල්ලි සෙල්ලමත් සමඟ තරඟ නොවදින" බව පවසයි.
තවදුරටත් අදහස් දක්වන තායිපේ බලධාරීහු ඉහත කී නව හැඩගැසීම් නිසා තායිවානය චීනය සමඟ පවත්වන සම්බන්ධතාවන්හි වෙනසක් සිදු නොවන බවත් කියා සිටිති.
තායිවාන් ජනාධිපතිනි සායි ඉන්-වෙන්(Tsai Ing-wen) පසුගිය වසරේ ජූනි මාසයේ පැනමාවේ සංචාරයක නිරත වූ අතර එය ඇය බලයට පත්වීමෙන් අනතුරුව සිදුකළ පළමු විදේශ සංචාරය විය.
චීනය පැනමා ඇල විශාල වශයෙන් පාවිච්චියට ගනු ලබන ආර්ථික බලවතෙකි.
චීනය පසුගිය අවුරුදුවල පැනමාවේ සිදු කරන ආයෝජන වැඩි කිරීමට ද පියවර ගෙන ඇත.
තමන් බේජිං පාලනය අනුව යමින් "එක චීනයක්" පිළිවෙත පිළිගන්නා බව පැනමා ආණ්ඩුව දැන් පවසයි.
තායිවානය තම භූමියෙන් වෙන්ව ගිය තමන් සතු දිවයිනක් ලෙස සලකන චීනයේ වුවමනාව එම භූමිය නැවත එක් කර ගනු ලැබීමයි.
චියැන් කායි ෂෙක් විසින් තායිවාන් දූපත චීනයෙන් වෙන් කොට අද පවතින රාජ්‍යය ප්‍රකාශයට පත්කරන ලද්දේ ජපන්- චීන යුද්ධය නිම වීමෙන් අනතුරුව චීනයේ සිවිල් යුද සමයේදීය.