ඉරානයේ ප්‍රහාරවලින් දොළහක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Reuters/Tasnim
ටෙහෙරාන් අගනුවර පිහිටි ඉරාන පාර්ලිමේන්තුවට සහ අයතුල්ලා කොමෙයිනිගේ සමාධියට එල්ල වූ ප්‍රහාරවලින් දොළොස් දෙනෙකු මරණයට පත් විය.
ප්‍රහාරවලට ලක්ව තවත් ගණනාවක් තුවාල ලැබූහ.
පැය කිහිපයක් පුරා වරින් වර පැවති වෙඩි තැබීම්වලින් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත එල්ල කරනු ලැබූ ප්‍රහාරය අවසන් වී ඇති බව පෙනෙන්නට තිබේ.
පාර්ලිමේන්තුවට කිලෝමීටර කිහිපයක් ඔබ්බෙන් පිහිටි සමාධිය අසල දී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ප්‍රහාරයක් දියත් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, JAMARANNEWS/FARS
තුන්වන ප්‍රහාරය ව්‍යවර්ථ කිරීමට සමත් වූ බව බලධාරීහු පවසති.
තමන් ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පවසයි.
එය එසේ නම් එම සංවිධානය ඉරානයේ ප්‍රහාරයක් දියත් කළ පළමු අවස්ථාව මෙය වනු ඇත.






