දස හැවිරිදි ඉන්දීය දැරිය ගබ්සාවට උසාවියෙන් අවසරයක්

ඉන්දියාවේ ළමා ලිංගික සූරාකෑමට එරෙහිව

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ ළමා ලිංගික සූරාකෑමට එරෙහිව

සිය සුළුපියා විසින් දූෂණය කරනු ලැබීමෙන් ගැබ්ගත් දස හැවිරිදි ඉන්දීය දැරියකට ගබ්සාවක් සඳහා බලධාරීන්ගේ අනුමැතිය ලැබුණි.

දරු ගැබ ගබ්සා කිරීමට අවසර දෙන මෙන් දූෂණයට ලක් වූ දස හැවිරිදි දැරියගේ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද ඉල්ලීමක් ඉන්දීය වෛද්‍ය විශේෂඥයන්ගේ සැලකිල්ලට ලක්වූ අතර ඒ සඳහා අවසරය ලද බව දිල්ලි නගරයේ සිටින බීබීසී මාධ්‍යවේදිනී ගීතා පාන්ඩේ පවසයි.

උතුරු ඉන්දියාවේ 'රෝතක්' නගරයේ වාසය කරන දැරිය සිය සුළු පියා විසින් දිගින් දිගටම දූෂණය කරනු ලැබ ඇති අතර තවත් මාස හතරකින් පමණ ඇය දරුවා බිහි කිරීමට නියමිත බව ප්‍රදේශයේ පොලිසිය බීබීසී යට පැවසීය.

'රෝතක්' නගරයේ ආණ්ඩුවේ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් බීබීසියට අදහස් දක්වමින්, දරුගැබ ගබ්සා කිරීමට තමන් තීන්දු කළ අතර ඕනෑම මොහොතක එය සිදුවිය හැකි බව කියා සිටියේය.

වෛද්‍යවරුන්ගේ තීරණයට අවශ්‍ය අනුමැතිය 'රෝතක්' නගරයේ උසාවියකින් ද අද (මැයි 16) ලැබුණි.

ගැබිණි කාන්තාවකගේ ජීවිතයට අනතුරක් නැතැයි වෛද්‍යවරුන් සනාථ නොකරන අවස්ථාවක සති විස්සකට වඩා කල්ගත දරු ගැබක් ගබ්සා කිරීම ඉන්දියාවේ නීතිය අනුව තහනම් වෙයි.

ඉන්දීය ආණ්ඩුවේම සමීක්ෂණයක් අනුව ළමා ලිංගික අපචාර අතින් එරට ලෝකයේ මුල් තැනට පත්වෙයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය ආණ්ඩුවේම සමීක්ෂණයක් අනුව ළමා ලිංගික අපචාර අතින් එරට ලෝකයේ මුල් තැනට පත්වෙයි.

දැරිය ගැබ්ගෙන ඇතිබව අනාවරණය වී ඇත්තේ ගෘහ සේවිකාවක වන ඇයගේ මවට සැක සිතී දැරිය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුවයි.

'කිසිවකුට නොකියන ලෙස බල කරමින්' සිය සුළුපියා විසින් තමා දිගින් දිගටම අපහරණය කළ බව දැරිය පවසන්නීය.

චෝදනාවට ලක්ව සිටින සැකකාර සුළුපියා මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඉන්දීය ආණ්ඩුවේම සමීක්ෂණයක් අනුව ළමා ලිංගික අපචාර අතින් එරට ලෝකයේ මුල් තැනට පත්වෙයි.

ළමා දූෂණයට එරෙහි අන්තර්ජාල ප්‍රකාශනයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ළමා දූෂණයට එරෙහි අන්තර්ජාල ප්‍රකාශනයක්