ළමා ලිංගික අපයෝජන වෙබ් අඩවියේ නිර්මාතෘට සිරදඬුවම්

ඡායාරූප සහ වීඩියෝ පට 50,000කට අධික ප්‍රමාණයක්

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

ඡායාරූප ශීර්ෂ වැකිය, ඡායාරූප සහ වීඩියෝ පට 50,000කට අධික ප්‍රමාණයක්

ළමුන් ලිංගිකව අපයෝජනය කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කළ පුද්ගලයෙකුට තිස් වසරක සිරදඬුවමක් නියම වෙයි.

ස්ටීව් චේස් නමැති මොහු විසින් වසර 2014 දී නිර්මාණය කරන ලද මෙය ළමා අපචාර සඳහා ක්‍රියාත්මක වූ ලොව විශාලතම වෙබ් අඩවිය බවට සැළකේ.

ඡායාරූප සහ වීඩියෝ පට 50,000කට අධික ප්‍රමාණයක් අඩංගු වූ මෙම වෙබ් අඩවිය නිර්මාණය කර වසරක අවෑමෙන් තහනමට ලක්විය.

ඒ වනවිට 150,000කට අධික පිරිසක් එම වෙබ් අඩවිය භාවිත කරමින් සිට තිබේ.

ළමුන් 300 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකිවිය

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

ඡායාරූප ශීර්ෂ වැකිය, ළමුන් 300 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකිවිය

'Playpen' නමින් හැඳින්වුණු මෙම වෙබ් අඩවිය වසා දැමීමත් සමඟ අපචාරයට ලක්වෙමින් සිටි ළමුන් 300 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකිවූ බව එක්සත් ජනපද බුද්ධි සේවාව පවසයි.

මෙම වෙබ් අඩවිය යොදා ගනිමින් ළමා අපචාරයන් දැක්වෙන ඡායාරූප බෙදාහැරීම සිදුකළ හෝ ළමුන් අපචාරයට ලක්කළ පුද්ගලයන් 800කට අධික පිරිසක් ලොව නන් දෙසින් අත්අඩංගුවට පත් විය.