පාපැදියෙන් ගමන් ගියොත් 'සෞඛ්‍ය වාසි'

Cycling

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දිගු කල් ජීවත්වීමට අවශ්‍යද? පිළිකා වැළඳීමේ අවදානම හෝ හෘද රෝග අවම කර ගැනීමට අවශ්‍යද?

ඉහත සඳහන් රෝග වැළඳීමේ අවදානම අවම කර ගැනීම සඳහා පාපැදි භාවිත කරන මෙන් විද්‍යාඥයෝ නිර්දේශ කරති.

පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අවදානම අඩකින් අවම කිරීම හා පාපැදි භාවිත කිරීම සම්බන්ධයෙන් විද්‍යාඥයෝ පුළුල් අධ්‍යනයක යෙදුනාහ.

එක්සත් රාජධානිය තුළ වසර පහක් ක්‍රියාත්මක කරන ලද අධ්‍යයනයට රැකියා සඳහා දෛනිකව බැහැර යන පුද්ගලයන් දෙලක්ෂ පනස් දහසක් යොදා ගනු ලැබ තිබේ.

පොදු මගී සේවයක අසුන් ගෙන ගමන් කිරීම හෝ රැකියාව බලා මෝටර් රථයෙන් ගමන් කිරීම හා සැසඳීමේ දී ඇවිදීම තුළින් ඇතැම් වාසි ලැබෙන බවත් අධ්‍යයනයෙන් පෙනී යයි.

ව්‍යායාම මධ්‍යස්ථානයක් (Gym) වෙත යෑම මෙන් නොව පාපැදියක් භාවිත කිරීම දින චර්යාවේ කොටසක් බවට පත් වූ පසු එය නොනවත්වා පවත්වාගෙන යෑම සඳහා දැඩි අධිෂ්ඨානයක් අවශ්‍ය නොවන බව අධ්‍යයනය සිදු කළ විද්‍යාඥ කණ්ඩායම පවසයි.

වසර පහක අධ්‍යයනය සිදු කරනු ලැබුවේ රැකියා ස්ථානය කරා "ක්‍රියාශීලී" ලෙස ගමන් කරන සහ නිශ්චලව ගමන් කරන පුද්ගලයන් සංසන්දනය කරමිනි.

සතියට සැතපුම් තිහක්

නෙදර්ලන්තය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සමස්තයක් වශයෙන් අධ්‍යයනය සඳහා යොදා ගත් පුද්ගලයන්ගෙන් 2,430 දෙනෙකු මරණයට පත් වී තිබේ.

තවත් 3,748 දෙනෙකුට පිළිකා වැළඳී ඇති බව හඳුනා ගෙන ඇති අතර 1,110 දෙනෙකු හදවත් රෝග හා සම්බන්ධ ගැටලු ඇති බව හෙළි විය.

line
line

නමුත් අධ්‍යයනය සිදු කළ කාලය තුළ දෛනිකව පාපැදියෙන් ගමන් ගන්නා පුද්ගලයන් කුමන හෝ සෞඛ්‍ය හේතුවකින් මිය යෑමේ අවදානම 41% කින් අඩු වී තිබේ.

එමෙන්ම පිළිකා වැළඳීමේ හැකියාව 45% කින්ද හෘද රෝග 46% කින් ද අඩු වී ඇති බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි.

පාපැදි භාවිත කරන්නන් සතියකට සාමාන්‍ය වශයෙන් සැතපුම් 30 ක් පාපැදියෙන් ගමන් කරන අතර ගමන් කරන දුර වැඩිවන තරමට ඉන් ලැබෙන සෞඛ්‍ය වාසි ද ඉහළ යයි.

සෞඛ්‍ය වාසි

ලන්ඩන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇවිදීම තුළින් හදවත් රෝග වර්ධනය වීමේ හැකියාව අවමවන නමුත් එහි නිසි වාසි ලැබෙන්නේ සතියකට සැතපුම් හයකට වඩා අවිදයන පුද්ගලයන්ටය.

"රැකියාව සඳහා ක්‍රියාශීලීව ගමන් කරන, විශේෂයෙන් බයිසිකල් පදින අය අඩු අවදානමක සිටින බවට මෙය පැහැදිලි සාක්ෂියක්" යනුවෙන් ග්ලාස්ගෝවිශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේසන් ගිල් පැවසීය.

"බයිසිකල් පැදයාම පහසු කරවීම සඳහා යටිතල පහසුකම්වල වෙනසක් සිදු කිරීම ඇත්තෙන්ම අවශ්‍යයයි. බයිසිකල් සඳහා වෙනම මං තීරු අවශ්‍යයි. දුම්රිය තුළ බයිසිකල් ගෙන යෑම පහසු කළ යුතුයි. පිරිසිදු වීම සඳහා රැකියා ස්ථාන තුළ නාන කාමර පහසුකම් අවශ්‍යයි"

line
line

පාපැදිය සහ පොදු මගී සේවා යන දෙවර්ගයම භාවිත කරන පුද්ගලයන්ට ද සෞඛ්‍ය වාසි ලැබෙන බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි.