ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මලාලා : එක්සත් ජාතීන්ගේ ලාබාලතම සාම දූතවරිය
දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින පාකිස්තාන ජාතික ළමා ක්‍රියාධාරිනියක වන මලාලා යූසුෆ්සායි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාබාලතම සාම දූතවරිය ලෙස නම් කරනු ලැබ තිබේ.
එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උත්සවයක දී මලාලා යූසුෆ්සායිට එම සහතික පත්‍රය පිරිනැමුණි.
නොබෙල් සාම ත්‍යාගයෙන් පුද ලැබූ ලාබාලම පුද්ගලයා බවට පත් වෙමින් 2014 දී මලාලා යූසුෆ්සායි නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගත්තාය.
පකිස්තාන දැරියන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් සටන් කිරීම හේතුවෙන් 2012 වසරේ දී තාලිබාන් ව්‍යාපාරය විසින් හිසට වෙඩි තබා මලාලා යූසුෆ්සායි මරා දැමීමට තැත් කරනු ලැබීය.
රෝහල් ගත කිරීමෙන් පසු සුවය ලැබූ මලාලාට පකිස්තානයෙන් එංගලන්තයට සිය පදිංචිය වෙනස් කිරීමට සිදු වූයේ ඇයට දිගින් දිගටම එල්ල වූ මරණ තර්ජන හේතුවෙනි.
මේ වන විට දහ නම වන වියේ පසුවන මලාලා උසස් පෙළ විභාගයෙන් විශ්ෂ්ඨ ප්‍රතිඵල ලැබ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබා සිටියි.