රුසියාවේ විපක්ෂ නායක අත්අඩංගුවේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters
රුසියාවේ විපක්ෂ නායක අලෙක්සේයි නවාන්ලි ඇතුළු සියයකට අධික පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මොස්කව් අගනුවර දූෂණ විරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කළ විපක්ෂ නායකයා විරෝධතාව අතරවාරයේ පොලිස් අත්අඩංගුවට පත් වූ බව ඇසින් දුටු සාක්ෂිකරුවෙක් පවසයි.
දහස ගණන් විරෝධතාකරුවන් උද්ඝෝෂයනට එක්ව සිටින අතර, අලෙක්සේයි නවාන්ලි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිස් රථයකට නංවාගැනීම වැළැක්වීමට විරෝධතාකරුවන් උත්සාහ කළ බව ද වාර්තා වේ.
ක්‍රෙම්ලින් පාලනයට කිට්ටු සම්බන්ධතාවක් ඇති රුසියාවේ ඉහළ බලධාරීන් ඉලක්ක කර ගනිමින් ගෙන යනු ලැබූ දූෂණ විරෝධී ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ අලෙක්සේයි නවාන්ලි විසිනි.
දේශපාලන අරමුණක් මත ඉදිරිපත් කෙරුණක් බව ඔහු පවසන චෝදනාවකට වැරදි කරුවකු වීම හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ව්ලදිමීර් පූතින්ට එරෙහිව තරග වැදීමේ අවස්ථාව අලෙක්සෙයි නවාන්ලිට අහිමි කරනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP




