අයිස් ආක්‍රමණයක්

ඡායාරූප මූලාශ්‍රය, John Kucko / EVN
ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ඔන්ටාරියෝ විල හරහා සීත සුළං හමා යෑමත් සමග අයිස්වල ආක්‍රමණයට ලක් වූ විලට නුදුරින් පිහිටි නිවසක් සිය කැමරා කාචයේ සටහන් කර ගැනීමට ප්‍රාදේශීය ඡායාරූප ශිල්පියෙකු සමත් විය.
එහි පවතින දැඩි සීත කාලගුණය හමුවේ නිවස ඝන අයිස් තට්ටුවකින් ආවරණය වී තිබිණි.
එය සැබෑ ඡායාරූපයක් බව පිළිගැනීම සමාජ ජාල සාමාජිකයන් බොහෝ දෙනෙකු ප්‍රතික්ෂේප කළ බව ඡායාරූප ශිල්පියා සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, John Kucko / EVN
මේ අතර කුණාටු සහිත දැඩි සීත කාලගුණය හමුවේ නිව්යෝර්ක් සහ නිව්ජර්සි යන ඊසාන දිග ප්‍රාන්තවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
එමෙන්ම අයහපත් කාලගුණය හමුවේ එක්සත් ජනපද ජාතික කාලගුණ සේවාව විසින් පෙන්සිල්වේනියා සහ කනෙටිකට් යන ප්‍රාන්තවලට අයත් ඇතැම් ප්‍රදේශ තුළ අනතුරුදායක තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.


පාසල් වසා දමා ඇති අතර ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කරනු ලැබ ඇත.




