ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාසි ගිලින කැස්බෑවෙක්
තායිලන්තයේ පශු වෛද්‍ය කණ්ඩායමක් මුහුදු කැස්බෑවෙකුගේ උදරයේ තිබී විවිධ වටිනාකමින් යුතු කාසි දහසකට ආසන්න ප්‍රමාණයක් ඉවත්කළහ.
'බැංකුව' නම් වූ අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම ගැහැණු සතා සිටි තටාකයට නරඹන්නන් කාසි විසිකිරීමට පුරුදු වී සිටියේ ඒ මගින් වාසනාව උදාවේ යැයි යන විශ්වාසයෙනි.
එසේ වසර ගණනාවක් තිස්සේ මිනිසුන් තටාකයට විසිකරන කාසි කැස්බෑවා විසින් ගිල දමනු ලැබ තිබුණු අතර කාසි රාත්තල් එකොළහක් කැස්බෑවාගේ කුස තුළ එකතුවී තිබුණි.
ශල්‍යකර්මයක් මගින් කැස්බෑවාගේ කුස තුළ තිබූ කාසි 915 ක් ඉවත් කිරීමට වෛද්‍යවරු සමත්වූහ.
ශල්‍යකර්මයෙන් පසු මෙම කැස්බෑවා සුවය ලබමින් සිටින බව වෛද්‍යවරු පවසති.