ඉන්දියාවේ කාන්තා කළල වැනසීමේ ජාවාරමක්

ගබ්සා සිදුකරන ජාවාරම්කරුවන් කල්ලියක් පිළිබඳ තොරතුරු හසුකරගන්නා ලදැයි තමන් සිතන බව බටහිර ඉන්දියාවේ සංග්ලි(Sangli) දිස්ත්‍රික්කයේ පොලිසිය පවසයි.
එම පොලිස් නිවේදනය ප්‍රකාශයට පත්කරන ලද්දේ රෝහලක් අසල තිබී ගබ්සා කරන ලද කාන්තා කළල දහනවයක් සොයාගනු ලැබීමෙන් පසුවයි.
නීතියට පටහැණිව සිදුකරන ලද ගබ්සා කිරීමක් නිසා සිදු වූ කාන්තා මරණයක් සහ අදාළ කළලය පිළිබඳව සෝදිසි සිදුකෙරෙන අතරවාරයේ ඉහත කී කළල දහනවය හසුවී ඇත.
ගැහැණු දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන වෛද්‍යවරයෙක් ගබ්සා කරන ලද කාන්තා කළල හසුවීමෙන් අනතුරුව අදහස් දක්වමින්, එය 'බිහිසුණු ක්‍රියාවක්' හැටියට විග්‍රහ කළේය.
ඉන්දියාව තුළ කාන්තා කළල විනාශය ජන සංහාරයක මට්ටමින් සිදුකෙරෙන බවත් එම වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මුලින් සඳහන් කළ මරණයට පත් කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ගබ්සාව සිදුකළ වෛද්‍යවරයා අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි.
ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.
ඉන්දියානු සමාජය තුළ වැඩි මනාපයක් පවතින්නේ පිරිමි දරුවන්ටයි.
එම තත්වය යටතේ කළලයේ ස්ත්‍රී පුරුෂභාවය හඳුනාගන්නා ඇතැම් දෙමව්පියෝ ස්ත්‍රී කළල ගබ්සා කිරීමට පියවර ගනිති.
පිළිසිඳ ගත් දරුවන්ගේ කළල ප්‍රශූතියට පෙර පරීක්ෂා කිරීම තහනම් කරමින් ඉන්දියාව දැඩි නීති පනවා ඇත.








