ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තාවන් පමණක් මෙහෙයවූ ප්‍රථම ගුවන් ගමන ගිනස් පොතට?
කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් ගුවන් යානා කාර්ය මණ්ඩලයක් ප්‍රථම වතාවට ලොව වටා ගුවන් ගමනක් මෙහෙයවූ බව ඉන්දීය ගුවන් සමාගමක් පවසයි.
පසුගිය සඳුදා ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටුපළේ සිට ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ ගුවන්තොටුපළ දක්වා පියාසර කළ 'එයාර් ඉන්දියා' ගුවන් යානය සිකුරාදා නැවත දිල්ලි නුවර වෙත පැමිණියේ කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් කාර්යමණ්ඩලයක් සමගය.
බෝයින් 777 වර්ගයේ යානය පැසිෆික් සාගරයට ඉහළින් ඇමරිකාව බලා පියාසර කළ අතර ආපසු ගමනේ දී මුළු පෘථිවිය වටා ගමන සම්පුර්ණ කරමින් අත්ලාන්තික් සාගරයට උඩින් පියාසර කරමින් ඉන්දියාව බලා පැමිණියේය.
එම ගුවන් චාරිකාව ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කිරීම සඳහා අයදුම් කර ඇති බව එයාර් ඉන්දියා සමාගම පවසයි.
ගුවන් මගීන් යානයට ඇතුල් කිරීම පරීක්ෂකවරියන් සිදුකළ අතර යානය ගමනට සුදුසු බව සහතික කරනු ලැබුවේ ඉංජිනේරුවරියන් විසිනි. ගුවන් ගමන් පාලක මැදිරියේ කාන්තාවන් කටයුතු කළ අතර ගමනට අදාළ ගුවන්තොටුපළ කටයුතු සියල්ල ද කාන්තාවන් විසින් සිදුකරනු ලැබූ බව ගුවන් සමාගම පවසයි.
මාර්තු මස අට වැනිදාට නියමිත ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අංගයක් ලෙස කාන්තා කර්ය මණ්ඩලයකින් පමණක් මෙහෙයවනු ලබන ගුවන් ගමන් සෑම වසරකදීම සැලසුම් කරන බවත් එයාර් ඉන්දියා ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
අනෙකුත් මගීන්ගෙන් ඇතැම් කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව සලකා බැලීමෙන් පසුව, ගුවන් යානා තුළ කාන්තාවන්ට පමණක් වෙන්වූ මගී ආසන සහිත මැදිරියක් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම එයාර් ඉන්දියා සමාගම පසුගිය ජනවාරි මාසයේදී ආරම්භ කළේය.