ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බිරිඳකගේ අවසන් කැමැත්ත
මාරාන්තික පිළිකා රෝගයකින් පෙළෙන කතුවරියක් සිය සැමියාට "ආදරණීය සහකාරියක් සොයා දීම" සඳහා ගනු ලබන උත්සාහයක් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ.
එමී ක්‍රවුස් රෝසන්තල් නම් එම කාන්තාව අලුත් හිතවතුන් හිතවතියන් දැනහැඳින ගැනීම සඳහා පහසුකම් සපයන වෙබ් අඩවියකට (Dating site) සිය ස්වාමිපුරුෂයාගේ තොරතුරු ඇතුළත් කරන්නේ ඔහුට ආදරණීය සහකාරියක් සොයා දීමේ බලාපොරොත්තුවෙනි.
එම පිටුව තුළ සිය ස්වාමිපුරුෂයා සතු ඉහළ ගුණාංග ලැයිස්තුවක් සටහන් කළ ඇය "ගැළපෙන සහකාරියක් මෙය කියවා ජේසන්ව සොයා ඒවි" යනුවෙන් සටහන් කළාය.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඇය කියා සිටියේ මෙවැනි වෙබ් අඩවි තමන් විසින් මීට පෙර භාවිත කර නොමැති බවය.
"මම දවස් 9,490 ක් ඔහු සමග එක නිවහනක එකට ජීවත් වී ලබා ගත් අත්දැකීම් මත, ජේසන් ගේ තොරතුරු ඇතුළත් ගිණුමක් (Profile) සකස් කරනවා" යනුවෙන් ඇය කියා සිටින්නීය.
දශක තුනක්
නව ඇරඹුමක්
එමී ක්‍රවුස් රෝසන්තල් ළමුන් වෙනුවෙන් මෙන්ම සිය ජීවිතයේ සහ පවුලේ අත්දැකීම් පිළිබඳවත් පොත් ලියන ලේඛිකාවක් ලෙස නමක් දිනා සිටින්නීය.
දශක තුනකට ආසන්න කාලයක් එකට දිවි ගෙවන එමී සහ ජේසන්ට වැඩුණු දරුවෝ සිටිති.
'ඔබට මගේ සැමියා සමග විවාහ වීමට අවශ්‍ය කරනවා විය හැකියි'යනුවෙන් එමී විසින් තබන සටහන අවසන් කරන්නේ "මම, මේ තිළිණය පිරි නමන්නේ පෙම්වතුන්ගේ දිනයේ. මෙය කියවන්නේ මගේ සැමියාට ගැලපෙන තැනැත්තිය යැයි මට බලාපොරොත්තු තැබිය හැකියි. ජේසන් මුණ ගැහෙන්න, තවත් ආදර කතාවක් පටන් ගන්න" ලෙසය.
"මම මේ සුදු පැහැති කඩදාසියේ අග හිස්ව තබනවා. ඒ ඔබ දෙදෙනාගේ අලුත් කතාව ලියන්නයි"
"මීට ආදරණීය එමී"