ලක්ෂ 157 ක 'ව්‍යාජ මුහුණු ආලේපන ජාවාරමක්'

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock
මුහුණු ආලේපන තොග වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ප්‍රසිද්ධ වෙළඳ නාම යටතේ නීති විරෝධී ලෙස විකිණීමේ ජාවාරමක් හෙළි වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මුහුණු ආලේපනවලට එසේ ව්‍යාජ ඇසුරුම් සකස් කළ ව්‍යාපාරික ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 157ට වැඩි වටිනාකමකින් යුතු මුහුණු ආලේපන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගන්නා ලද බවත් අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් නිකුත්කළ නිවේදනයක සඳහන්වේ.
ඉන් අනතුරුව එම ගබඩාවට මුද්‍රා තබන ලද බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, City of London Poilice
බැරල් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන මුහුණු ආලේපන වැල්ලම්පිටියේ පිහිටි එම ව්‍යාපාරික ස්ථානයේදී ප්‍රසිද්ධ වෙළෙඳ නාම හතක ඇසුරුම්වලට පුරවා කලක් මුළුල්ලේ වෙළෙඳ පොළට බෙදාහැර තිබෙන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මුද්‍රා තැබූ මුහුණු ආලේපන තොගයේ රුපියල් 350 බැගින් මිල කරන ලද අසුරණ 45,000ක් තිබූ අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 157කට අධික බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
මෙය පාරිභෝගික පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.




