ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බැඳුම්කර ගැසට් නිවේදනය ගැන රවි ප්‍රතිචාරය
වත්මන් ආණ්ඩුව යටතේ නිකුත් කළ බැඳුම්කර වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ නමින් ගැසට් පත්‍රයක් නිකුත්කළ බවට එල්ලවන චෝදනාවලට මුදල් අමාත්‍ය රවි කරුණානායක අද සිය ප්‍රතිචාරය දැක්වීය.
ඒ අද කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී බීබීසී ඇතුළු මාධ්‍යවේදීන් වෙතින් අමාත්‍යවරයා වෙත ප්‍රශ්න රැසක් යොමු විය.
2015 වසරේ මාර්තු, මැයි සහ අගෝස්තු මාසවල බැඳුම්කර නිකුතු තමන්ගේ නම යටතේ ගැසට් කර තිබීම 'වංචාවක්' බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි.
අදාළ ගැසට් පත්‍ර ප්‍රකාශයට පත්කර ඇත්තේ 2016 නොවැම්බර් මාසයේ බව එහි කුඩා අකුරින් සටහන්ව තිබෙන බව හිටපු ජනාධිපතිවරයා නිවේදනයක සඳහන් කර තිබේ.