ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'දොරටවඩින දිනය අදයි යස හැඩකාරී'
මෑතකදී ජර්මනියේ මියුනිච් සත්වෝද්‍යානයේදී උපත ලද ගැහැණු හිම වලස් පැටවෙකු පළමුවරට කුටියෙන් ඉවතට පැමිණියාය.
නරඹන්නන්ට සහ මාධ්‍යවේදීන්ට මුල් වතාවට එම වලස් පටවා දැකගන්නට ලැබුණේ ඉන් පසුවය.
වයස මාස තුනක් වන මෙම ගැහැණු පැටවාට තවමත් නමක් තබා නැත.
කුටියෙන් එළියට පැමිණි වලස්පැටවා තම මව සමග එක්ව අවට පරිසරය පිලිබඳ අත්දැකීමක් ලබාගත්තාය.