ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා’ තහනම්
හින්දි බසින් දෙබස් ඇතුළත් චිත්‍රපටයක් සඳහා අනුමැතිය දීම ඉන්දියාවේ චිත්‍රපට පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
'ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා' (Lipstick under my Burkha) නම් වාරණයට ලක්කෙරුණ සිනමා නිර්මාණය ගෙතී ඇත්තේ ශිෂ්‍යාවක් සහ මැදිවයසේ වැන්දඹුවක් ඇතුළුව කාන්තා චරිත හතරක් පදනම් කර ගෙනයි.
සිනමා වෘත්තාන්තයට අනුමැතිය දීම බැහැර කරනු ලැබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන වාරණ මණ්ඩලය 'එය කාන්තාවන් පමණක් තේමාකර ගත්' නිර්මාණයක් වීම සිය තීන්දුවට හේතු වූ බව පවසයි.
එසේම 'ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා' (Lipstick under my Burkha) චිත්‍රපටයට ලිංගික දර්ශන සහ අසභ්‍ය දෙබස් ඇතුළත් බවත් චිත්‍රපට පාලක මණ්ඩලය කියාසිටී.
එහෙත් එම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂ අලංක්‍රිතා ශ්‍රීවස්තව වාරණ මණ්ඩලයේ තීන්දුව විග්‍රහ කරන්නේ කාන්තා අයිතියට එල්ල කරන ලද ප්‍රහාරයක් හැටියටයි.
එසේම චිත්‍රපට පාලක මණ්ඩලයේ තීන්දුව සමාජ මාධ්‍ය ජාලය තුළ දැඩි විවේචනයට ලක්වෙමින් පවතී