ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මගී ප්‍රවාහක ඩ්‍රෝන් සේවයක්
ලබන ජුලි මාසයේ සිට මගී ප්‍රවාහක ඩ්‍රෝන් යානා සේවයක් ආරම්භ කරන බව ඩුබායි බලධාරීහු පවසති.
චීනයේ නිෂ්පාදිත eHang 184 ඩ්‍රෝන් යානා සේවය දැනටමත් අත්හදා බලා අවසන් බව ඩුබායි මහාමාර්ග සහ ප්‍රවාහන ආයතනයේ ප්‍රධානියා පැවසීය.
වරකට කිලෝග්‍රෑම් 100 ක් දක්වා බරැති එක් මගියකු පමණක් රැගෙන යා හැකි එම යානාවලට වරකට පියාසර කළ හැකි උපරිම කාලය මිනිත්තු 30 කි.
යානයේ පිහිටි පරිගණකයක සිය ගමනාන්තය සටහන් කිරීමට මගියාට අවස්තාව සැලසෙන අතර, යානය තුල වෙනත් කිසිදු පාලක උපකරණයක් නොමැත. (වැඩි විස්තර ඉහත වීඩියෝ පටයේ)