කොරියානු නායකයාගේ සොයුරාගේ මරණය: කාන්තාවක් අත්අඩංගුවේ

Kim Jong Nam wearing a leather jacket and baseball cap

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මරණයට පත් කිම් ජොන්-නම් උතුරු කොරියාවේ නායක කිම් ජොන්-උන් ගේ පියාගේ පළමු විවාහයේ දරුවෙකි.

උතුරු කොරියාවේ නායක කිම් ජොන්-උන් ගේ සොයුරාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මැලේසියාවේ පොලිසිය පවසයි.

මරණයට පත් කිම් ජොන්-නම් (Kim Jong-nam) උතුරු කොරියාවේ නායක කිම් ජොන්-උන් ගේ පියාගේ පළමු විවාහයේ එකම දරුවාය.

ක්වාලාලම්පූර් අගනුවරින් පිටත්වීමට තිබූ ගුවන් යානයක ගමන් ගැනීමට නියමිතව සිටි කිම් ජොන්-නම් විෂක් ශරීරගත වීමෙන් මරණයට පත් වී ඇති බව විශ්වාස කෙරේ.

Grey line
Grey line
Senior Malaysian police personnell walk outside the Forensic wing at the Hospital Kuala Lumpur in Kuala Lumpur on February 15, 201

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මරණය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සැක කෙරෙන බව මීට ඉහතදී පොලිසිය පැවසීය

ආරක්ෂක කැමරා ඔස්සේ හඳුනාගත් වියට්නාම ගමන් බලපත්‍රයක් හිමි කාන්තාව එම ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ මරණයට කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ යයි සැකකෙරෙන බව මීට ඉහතදී පොලිසිය පැවසීය.

කිම් ජොන්-නම් ගේ මරණය උතුරු කොරියාව නිල වශයෙන් තහවුරු කොට තිබේ.