අගමැති මෝදි දේශපාලන අභියෝගයක් ඉදිරියේ

ඉන්දියාවේ වැඩිම ජනගහනය සහිත උත්ත්ර්ප්‍රදේශ් මන්ත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා පත්කරගනු ලබන ප්‍රාන්ත මැතිවරණයේ ඡන්දය විමසීම අද(11) ආරම්භ විය.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජනගහනය කෝටි විස්සකි.
මෙම ප්‍රාන්ත මැතිවරණය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය උරගා බැලෙන අවස්ථාවක් හැටියට සැලකෙයි.
එසේම අගමැති මෝදි දූෂණ මැඩලීමට ගෙනයන ක්‍රියාමාර්ග පිළිබඳව මහජන මතය හඳුනා ගැනීමක් ද මෙම ප්‍රාන්ත මැතිවරණය තුළින් සිදුවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

මෙවර උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේ දී ප්‍රධාන තරඟය පවතින්නේ අගමැති මෝදි නායකත්වය දෙන පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) සහ තරුණ දේශපාලන නායකයන් දෙදෙනකු වන ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි හා වත්මන් ප්‍රාන්ත මහඇමති අකිලේෂ් යාදව් අතරයි.
ඔවුන් දෙදෙනාට අමතරව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහඇමතිනී කුමාරි මායාවතී ද මැතිවරණ පොරයට අවතීර්ණව සිටින්නීය.
මායාවතී ඉන්දීය දේශපාලනයේ ජයග්‍රහණ රැසක් තැබූ මුල්පෙළේ කාන්තාවකි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය අදියර කීපයකින් පැවැත්වෙන අතර ලබන මාසයේ එහි ප්‍රතිපල ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.








