ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චිලී වන ගිනි: එකොළහක් මරුට
චිලී රාජ්‍යයේ පැතිර යමින් පවතින වන ගිනි ආරම්භ කළ බවට සැක පිට හතළිස් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට බලධාරීහු පවසති.
දකුණු දිග සහ මධ්‍යම ප්‍රදේශවල ආරම්භ වූ ගින්න මේ වන විට ඉතා දරුණු අන්දමින් පැතිර යමින් ඇති බව වාර්තා වේ.
ගින්නට ගොදුරු වීමෙන් අඩුම තරමින් පුද්ගලයන් එකොළොස් දෙනෙකු මරුමුවට පත් වී ඇති අතර දහස් ගණන් ජනතාවගේ නිවාස සහ දේපළ විනාශයට පත්ව තිබේ.
මෑත ඉතිහාසයේ චිලී රාජ්‍යය මුහුණ දුන් දරුණුම වන ගිනි තත්වය ලෙස මෙය නම් කොට ඇති අතර විදෙස් රටවල් සහ රාජ්‍ය නොවන සංවිධාන බොහොමයකින් සහනාධාර සහ ගිනි නිවීමට භට කණ්ඩායම් ලබා දීමට පියවර ගෙන තිබේ.
සැන්තියාගෝ අගනුවර ඇතුළු ප්‍රදේශ කීපයකම හදිසි තත්වයක් නිවේදනය කර ඇති අතර අවදානම් කලාපවලින් ඉවත් කෙරුණු ජනතාව ආරක්‍ෂිත කඳවුරු වෙත ගෙනයාමේ කටයුතු සිදුවෙමින් පවතී.