ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නවලොවක් දකින්නට පදිකවේදිකාවට එන ඉන්දියානු තරුණයෝ
ඉන්දියාවේ මුම්බායි වැනි ජනාකීර්ණ නගර වල ජනගනයට සරිලන නිවාස සංඛ්‍යාවක් නොමැතිවීම විශාල ගැටළුවක් වී ඇත.
රජය විසින් ගණන් බලා ඇති ආකාරයට අලුතින් නිවාස මිළියන විසි එකක් ඉන්දියාව පුරා අලුතින් ඉදිකළ යුතුව තිබේ.
එසේ අලුතින් නිවාස ඉදිකිරීම සඳහා නගරය තුළ අවශ්‍ය භුමිය සපයා ගැනීමේ දුෂ්කරතාවය හේතුවෙන් ප්‍රධාන නගරයට ඈතින් පිහිටි ප්‍රදේශවල නිවාස යෝජනාක්‍රම ආරම්භ කර නගරයේ ජනතාව ඒවායේ පදිංචිකරවීමට රජය උත්සාහ ගනිමින් සිටී.
එහෙත් නගරයේ සිටි ජනතාව පිට පළාත්වල පදිංචි කරවීමෙන් දැනටමත් පවතින ප්‍රවාහන පහසුකම් පිලිබඳ ප්‍රශ්ණය තවත් උග්‍ර අතට හැරී තිබේ.
මෙවන් වාතාවරණයක් තුළ මුඩුක්කු නිවාස වල ජීවත්වන තරුණයන් තමන්ගේ නිවෙස්වල ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් පදිකවේදිකාවේ පහන්කනු යට අධ්‍යාපන කටයුතුවල නියැළෙති.
ඔවුන් අතරින් කෙනෙකු වන විසිතුන් හැවිරිදි ප්‍රජේෂ් ගේ කතාවට ඉහත හඬ පටයෙන් සවන්දිය හැකිය.