ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න -ඔබාමා

"වඩා යහපත් සහ වඩා ශක්තිමත් ඇමරිකාවක්"

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, "වඩා යහපත් සහ වඩා ශක්තිමත් ඇමරිකාවක්"

ජනාධිපති බරක් ඔබාමා සමුගැනීමේ කතාව පවත්වමින්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නා මෙන් ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියි.

සිය සමුගැනීමේ කතාව පැවැත්වීම සඳහා ජනාධිපති ඔබාමා විසින් තෝරා ගනු ලැබුවේ ඔහුගේ දේශපාලන දිවිය ආරම්භ කළ චිකාගෝ නුවර ය.

දහස් ගණනක් ආධාරකරුවන් අමතමින් ඔහු කියා සිටියේ මීට අටවසරකට පෙර තිබූ තත්වයට වඩා තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වඩා යහපත් සහ වඩා ශක්තිමත් ඇමරිකාවක් මේවනවිට පවතින බවය.

උප ජනපති ජෝ බයිඩන්ට සමු දෙමින්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, උප ජනපති ජෝ බයිඩන්ට සමු දෙමින්

පනස්පස් හැවිරිදි බරක් ඔබාමා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පළමුවරට තෝරා පත්කර ගනු ලැබුවේ 2008 වසරේදීය.

තවත් වසර හතරක් සඳහා ජනාධිපති ධුරයේ රැඳී සිටින ලෙසට රැස්ව සිටි ආධාරකරුවන් හඬ නගමින් ඉල්ලා සිටිනවිට ජනාධිපති ඔබාමා සිනහ මුසු මුහුණින් යුතුව කියා සිටියේ තමන්ට එය කළ නොහැකි බවය.

ජනපති වූ පළමු දිනයේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනපති වූ පළමු දිනයේ

ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයෙකුට ජනාධිපති ධුරය දැරිය හැක්කේ දෙවතාවක් පමණි.

මීළඟ ජනාධිපතිවරවා ලෙස තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රුම්ප් ජනවාරි 20 වැනිදා වැඩ භාර ගැනීමට නියමිතය.