ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලේ බිඳුවක් නොහෙලා කළ මොළයේ සැත්කමක්
සෙල්වින් ලුකාස් නිවාස පින්තාරු කරන කම්කරුවෙක්.
හදිසියේම ඔහුගේ අත වෙවුලන්නට වීම නිසා ඔහුට තවදුරටත් සිය රැකියාවේ නිරතවීමට අපහසු තත්වයක් මතු විය.
සෙල්වින් ලුකාස්ගේ මොළයේ සිට අතට යවන විද්‍යුත් සංඥාව, නිසි පරිදි මොලයට නොලැබීම ඔහුගේ අත වෙව්ලීමට හේතුවයි.
බ්‍රිතාන්‍යවාසීන් දස ලක්ෂයකට අධික පිරිසක්, මේ හා සමාන රෝග තත්වයන්ගෙන් පීඩා විඳිති.
"පසුගිය අවුරුදු පහළොවක් නැත්නම් දාහතක් විතර කාලේ මේක එන්න එන්නම වැඩිවුනා. දැන් මගේ වැඩ කරන්නේ වම් අත විතරයි," යනුවෙන් සෙල්වින් විස්තර කළේය.
ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේ වෛද්‍යවරු සෙල්වින්ගේ මොළයේ සැත්කම සැත්කම සඳහා භාවිතා කළේ එක් රේසරයක් පමණයි. රෝගියාගේ හිස බූ ගෑම සඳහායි, ඒ.
බ්‍රිතාන්‍යයේ සිදුකෙරුණ මේ ආකාරයේ පළමු සැත්කම මෙයයි. ඒ සඳහා යොදා ගැනුණේ ශබ්ද තරංග පමණයි.
අති ධ්වනිත සංඛ්‍යාතයකින් ගමන් කරන තරංග දහසකට අධික ප්‍රමාණයක් මේ උපකරණයේ තිබේ.
එම තරංග රෝගියාගේ මොලයේ එක් ස්ථානයකට යොමු කළ විට, රෝගකාරක පටකය විනාශකිරීමට ප්‍රමාණවත් තරම් අධි උණුසුමක් ඒ මගින් උත්පාදනය කෙරේ.
සැත්කමේ ප්‍රතිඵලය අදහාගන්නත් බැරි තරම්.
සත්කමෙන් පසුව දැන් සෙල්වින්ගේ අත වෙව්ලීම සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර, ඔහුගේ දකුණු අත යළිත් වරක් ප්‍රකෘති තත්වයට පත් වී තිබේ.
දැන් ඔහු සම්පූර්ණ සුවය ලැබූ පුද්ගලයෙක්.
ශබ්ද තරංග හැරුණු විට කතුරක්, පිහියක් ඇතුළු කිසිදු උපකරණයක් භාවිත නොකළ මේ සැත්කම් ක්‍රමය වෙනත් රෝගවලට ප්‍රතිකාර කිරීම පිණිසත් භාවිත කළ හැකි බව වෛද්‍යවරු විශ්වාස කරති.