කොංගෝ ජනපතිට එරෙහිව විරෝධතා: විසි දෙනෙක් මරුට

වීදි බට ජනතාවට ආරක්ෂක භටයන් වෙඩි තැබූ බව සාක්ෂිකරුවෝ පවසති
ඡායාරූප ශීර්ෂ වැකිය, වීදි බට ජනතාවට ආරක්ෂක භටයන් වෙඩි තැබූ බව සාක්ෂිකරුවෝ පවසති

කොංගෝ අගනුවර පැවති විරෝධතා රැළියකදී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර ඇතිවූ ගැටුමකින් විසි දෙනෙකුට අධික පිරිසක් මරණයට පත්වී ඇති බව එක්සත් ජාතීන්ගේ බලධාරීහු පවසති.

කොංගෝවේ ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය දීර්ඝ කරගනු ලැබීමට එරෙහිව මෙම උද්ඝෝෂණය දියත්වී තිබේ.

පසුගිය පහළොස් වසර පුරා බලයේ සිටි ජනාධිපති ජෝසෆ් කබිලාගේ වත්මන් ධූර කාලය සඳුදා (දෙසැ. 19) අවසන්වූ නමුත් එය 2018 දක්වා දීර්ඝ කරනු ලැබ ඇත.

වීදි බට ජනතාව

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, වීදි බට ජනතාව

ඊට එරෙහිව වීදි බට ජනතාවට ආරක්ෂක භටයන් වෙඩි තැබූ බව සාක්ෂිකරුවෝ පවසති.

පසුගිය මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය අවලංගු කරමින් කොංගෝවේ මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා පවතින මුදල් ප්‍රමාණවත් නොවන බවය.