ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මන්ත්‍රී කුලී වාහන: "තීන්දුවේ වෙනසක් නැහැ"
මන්ත්‍රීවරුන්ට කුලී පදනම යටතේ වාහන ලබාදීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අත්සන් නොතැබීමට ගත් තීන්දුවේ තවදුරටත් රැඳී සිටින බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ පවසයි.
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනාවක් අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අත්සන් කළ යුතු බවට අගමැතිවරයා නගන තර්කය නිවැරදි මුත් එය අත්සන් නොකිරීම සම්බන්ධයෙන් තමන්ට ද සාධාරණ තර්කයක් පවතින බව ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වත්මන් තාක්ෂණ ඇගයීම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුවත් ප්‍රතික්‍ෂේප කර ඇති යෝජනාව ජනාධිපතිවරයා විසින් ද ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇති බව කී නීතිඥ නිමල් බෝපගේ, කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමට අගමැතිවරයාට අවශ්‍යතාවක් ඇතැයි තමන් කිසිලෙසක විශ්වාස නොකරන බවත් සඳහන් කළේය.