ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ඉන්දුස් වෝටර්ස්" ගිවිසුමේ වෙනස්කම් එපා - පාකිස්තානය
ඉන්දියාව සහ පකිස්තානය යන රටවල් දෙකටම ජලය සපයන ගංගා හයක් සම්බන්ධයෙන් ඉන්දියාව සමග ඇතිකරගත් "ඉන්දුස් වෝටර්ස්" ගිවිසුමේ වෙනසක් ඇති කිරීමට තමන් කිසිසේත් එකඟ නොවන බව පකිස්ථානය පවසයි.
මෙම ගිවිසුම හේතුවෙන් ඇතිවිය හැකි ආරවුල් ජාත්‍යන්තර මැදිහත් වීමෙන් තොරව, ද්විපාර්ශ්විකව විසඳා යුතු බවට ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු විසින් අදහස් පළ කිරීමෙන් පසුව පකිස්ථානය මෙම ප්‍රකාශය නිකුත්කර ඇත.
ඉන්දියාව සහ පකිස්තානය අතර "ඉන්දුස් වෝටර්ස්" ගිවිසුම ඇතිකරගත්තේ1960 වසරේදීය.
පකිස්තාන අගමැති තාරික් ෆටෙමි ගේ ප්‍රකාශකයෙක් පුවත්පතකට පවසා තිබුණේ මෙම ගිවිසුමේ අන්තර්ගතව ඇති සියළු කරුණු වලට ගෞරවාන්විතව එකඟවීම ඉස්ලාමාබාද් පාලනය අපේක්ෂා කරන බවය.
මේ අතර නව වේලි ඉදිකිරීම තුලින් ඉන්දියාව මෙම ගිවිසුම උල්ලංඝනය කරන බවට පකිස්තානය චෝදනා කරයි.